නීතිවිරෝධීව භාණ්ඩ මෙරටට ගෙනා තිදෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සහ ඩුබායි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු කටුනායකදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තීරුබදු නොගෙවා රේගුවට ප්රකාශ නොකර භාණ්ඩ තොගයක් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී විදේශීය මත්පැන් බෝතල් 111ක්, දුම්වැටි තොගයක්, පරිගණක උපාංග රැසක් තිබී සොයාගෙන තිබුණා.
සැකකරුවන් ශ්රී ලාංකිකයන් වන අතර ඔවුන් කොළඹ 13 සහ මස්කෙළිය ප්රදේශවල පදිංචිකරුවන්.
The post නීතිවිරෝධීව භාණ්ඩ මෙරටට ගෙනා තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.