ශ්රී ලංකාවේ ප්රංශ තානාපති සහ ශ්රී ලංකාවේ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් සෞඛ්ය ඇමති හමුවෙයි
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති H.E. Jean- Francois Pactet සහ ශ්රී ලංකාවේ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey යන මහත්වරුන් පසුගියදා (10) පස්වරුවේ සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා සෞඛ්ය අමාත්යාංශයේ දී මුණගැසුණා.
මෙම හමුවේදි මෙරට සෞඛ්ය සේවාවේ වත්මන් තත්ත්වය සහ මෙරට සෞඛ්ය ක්ෂේත්රය සංවර්ධනය කිරීම උදෙසා ප්රංශ රජයත්, ඉන්දීය රජයත් දක්වනලද සහයෝගය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබදවත් එම රජයන් විසින් මෙරටට ලබාදෙන ප්රදානයන් පිළිබදවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
මෙරට ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීම සඳහා මෙන්ම ප්රාථමික සෞඛ්ය සේවාවන් ඉහළ නැංවීම සදහා රජය වැඩපිළිවෙල රාශියක් සහ යෝජනා රැසක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද, රජයේ රෝහල් වලට විධිමත්ව ඖෂධ සැපයීම, ඖෂධ ඇතුලු වෛද්ය උපකරණ මිලදී ගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරිම, ප්රතිශක්තීකරණ වැඩපිළිවෙල, නව සංවර්ධන කටයුතු මෙන්ම රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිම සදහා සෞඛ්ය අමාත්යංශය විසින් ක්රියාත්මක කරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙල පිළිබඳව සෞඛ්ය අමාත්යවරයා මෙහිදී විදේශීය නියෝජිතයන් හට කරුණු ඉදිරිපත් කළා.
එමෙන්ම මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ ඉදිරි ප්රගමනය වෙනුවෙන් රාජ්ය තාන්ත්රිකව සහයෝගය ලබාදීම වෙනුවෙන් ප්රංශ රජයටත්, ඉන්දීය රජයටත් එම රටවල ජනතාවටත් මෙරට රජය හා සෞඛ්ය අමාත්යවරයා වශයෙත් සිය ස්තූතියද පුද කර සිටියා.
සෞඛ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ අදහස් වලට සවන්දුන් විදේශීය නියෝජිතයින්, ශ්රී ලංකාවේ වත්මන් සෞඛ්ය අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳවත් අදහස් පලකල අතර ශ්රී ලංකාවේ ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාව ඇගයීමට ලක් කරන ලද අතර, සෞඛ්ය ක්ෂේත්රය දියුණු කිරීමට මුල්ය, තාක්ෂණික සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු උපකාරයන් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළා.
එමෙන්ම රටවල් අතර ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කරගනිමින් ඉහල මිත්රශීලීත්වයකින් ශ්රී ලංකාව සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, වත්මන් සෞඛ්ය අමාත්යවරයා මනා ලෙස සෞඛ්ය අමාත්යාංශයට නායකත්වය ලබා දෙමින් පවතින ගැටලු නිරාකරනය කරගනිමින් දක්ෂ හා කාර්යක්ෂම ලෙස තම වගකීම ඉටු කිරීම පිළිබඳව අමාත්යවරයාට ඔවුන්ගේ ප්රශංසාවද පල කර සිටියා.
The post ශ්රී ලංකාවේ ප්රංශ තානාපති සහ ශ්රී ලංකාවේ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් සෞඛ්ය ඇමති හමුවෙයි appeared first on ITN News.