වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල
හම්බෙගමුව පොලිස් වසමේ සීනුග්ගල ප්රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (12) රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී 24 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් හම්බෙගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්රතිකාර ලබමින් සිටී.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
The post වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල appeared first on ITN News.