ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභී පළමු කණ්ඩායම

- itnnews.lk

ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු කෙරුණා.

අද (අප්රේල් 13 ) මෙම රැකියාලාභීන් ඊශ්රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා වන ගුවන් ටිකට් පත් ප්රදානය කිරීමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්යවරයා සමඟ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්යාධිකාරී ප්රියන්ත සේනානායක, අතිරේක සාමාන්යාධිකාරී මංගල රන්දෙණිය මහත්වරු එක්වුණා.

ඉදිකිරීම් රැකියා සඳහා පිටත් වන පළමු කාණ්ඩය හැටියට එය වාසිසහගත මෙන්ම අවදානම්සහගතද අවස්ථාවක් වන බව කී අමාත්යවරයා, රැකියා බලා යන පළමු පිරිස හැටියට වගකීමෙන් රැකියාව කිරීමේ වැදගත්කමද රැකියාලාභීන් වෙත එහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා ,

“පළමු කණ්ඩායම වාසි සහගතයි කියනවා වගේම තමයි පළමු කණ්ඩායම අවදානම්සහගතයි.

මොකද රටේම අනාගතයට ඔබලාගේ ගමන තීරණාත්මකයි.

පළමු කණ්ඩායම වීම ගැන ඔබ වාසනාවන්ත වෙන්නේ මේ දක්වා ඊශ්රායලයට ගිය අයගෙන් වැඩිම පඩි හම්බවෙන්නෙ ඔයාලට.

හැබැයි නිකන් ඉඳලා නෙවෙයි.

ලංකාවේ දවසකට වැඩ කරලා හොයන මුදලට වඩා මුදල එහෙදි වැඩියි.

එහෙදි දරු සුරතල් බලන්න නෑ.

වෙනත් වැඩ නෑ.

ඒ ගිහිල්ල වැඩ කරන කාලයේ උපරිම මුදලක් හම්බ කළොත් ඔයාලා තමයි වැඩිම මුදලක් හම්බ කරන කණ්ඩායම.

අවම වැටුප වගේ දෙගුණයක් විතර ඔබට හම්බ කරන්න පුළුවන් වීම වාසනාවේ පැත්ත.

අවදානම් පැත්ත තමයි හරියට වැඩ නොකළොත් අනාගතයේදී යන්න ඉන්න 20,000ක ශ්රී ලාංකිකයින්ට අසාදාරණයක්.

ඔබ ඉදිකිරීම් වැඩපළේ, මෑන් පවර් ඒජන්සියේ නවතින්න පුළුවන්.

ලංකාවේ වැඩ කරද්දි වැඩ කරන්නේ සුඛෝපභෝගී තැන්වල ඉඳලා නෙමෙයි.

නමුත්, පිටරටට ගියාම වොශින් මැශින්, කාමරේ ඒසී හොයන්න එපා.

ඊශ්රායලයේ කෘෂි අංශයේ රැකියාවලට ගිය සමහර අයට දවසට දොඩම් කූඩ 02ක් කඩන්න කිව්වම කූඩයක් කඩාගන්න බෑ.

අපේම තරුණයො ඉලක්කය සපුරලා, වැඩි ගණනකුත් හොයනවා.

ඊශ්රායලයේ හාම්පුතුන් ඉල්ලන්නේ හොඳම අයව.

පළමු අයගේ කණ්ඩායම ගැන වැරදි ප්රචාර නිසා අපේ කෘෂි ශ්රමිකයන් ගන්න එපා කියලා ප්රචාරය වුණා.

රට වට්ටන්න ඕන නිසා ඒ අය රටට සල්ලි එවන්නත් එපා කිව්වා.

ඒ අය ෆේස්බුක් එකෙන් මාලිමාවට ජය වේවා කියනවා.

ජයගමු ශ්රී ලංකා වැඩසටහන්වලදි අපි ඉදිකිරීම් සඳහා ශ්රමිකයින් ලියාපදිංචි කරද්දි මනූෂ නානායක්කාර නිෂ්පාදන ආර්ථිකයක් නොහදා තරුණයො රට පටවනවා කියලා.

ජනතා විමුක්ති පෙරමුණේ රැළියෙදි කිව්වා අඩු මුදලට තරුණයො විකුණනවා කියලා.

වියදම් කරලා යන රුපියල් ලක්ෂ හයට වැඩිය පළමු පඩියෙම ලැබෙනවා.

ඒ රටවල වෘත්තීය ආරක්ෂාව බලනවා. ව්යවසායකයින් අපිට ඕනි.

මේ 20,000 මාස 63කින් ආපහු ලංකාවට ආවොත් 20,000ක් රට වටේට බෙදෙනවා.

ඔය අය ගම්වල ව්යවසායකයින්, ව්යාපරකයින් වෙනකොට මේ රට ගොඩදාන්න පුළුවන්.

පාරවල්වල බෝඩ් උස්සන් හිටියට රට ගොඩදාන්න බෑ.” යැයි අමාත්යවරයා ප්රකාශ කළා.

The post ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභී පළමු කණ්ඩායම appeared first on ITN News.

You may also like

- adaderana.lk

Four officers were fatally shot as a U.S. marshals task force was serving a warrant at a home Monday in Charlotte, North Carolina, officials said. A suspected shooter was also dead.

- adaderana.lk

The Election Commission calls on the members of the public to ensure that their names are listed in the electoral register.

- onlanka.com

Four persons were arrested on Monday (April 29) for impersonating officers of the Criminal Investigation Department (CID) and demanding a bribe of Rs. 10 million.The post Four arrested for impersonating CID officers and demanding bribe appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Sri Lankan government plans to designate 49 additional tourist destinations as official tourist zones.The post Sri Lanka to designate 49 new tourist destinations appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lankan Musician Dr. Premadasa Mudunkotuwa passed away on Monday (April 29) at the age of 91.The post Premadasa Mudunkotuwa passes away appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- island.lk

Thailand and United Arab Emirates (UAE) registered thorough wins in Monday night’s matches of the ICC Women’s T20 World Cup Qualifier at Tolerance Oval and Zayed Cricket Stadium in Abu Dhabi. The wins kept alive the teams’ hopes of a place in the tournament’s semi-finals. At Tolerance Oval, Thailand bested Uganda by nine wickets, while […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc