අලුත් අවුරුද්ද වෙනුවෙන් නිදහස ලබන අය
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගතව දඬුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු රාජ්ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි.
මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්රව්ය ලබාදීමට හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
The post අලුත් අවුරුද්ද වෙනුවෙන් නිදහස ලබන අය appeared first on ITN News.