උත්සව සමයේ ඉන්ධන සැපයීම අඛණ්ඩව
සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
රටේ පවතින ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්ය ඉන්ධන තොග ආනයනය කර ප්රධාන පර්යන්ත හා ප්රාදේශීය ගබඩාවල ප්රමාණවත් සංචිත පවත්වාගෙන යාමට අවශ්ය ක්රියාමාර්ග ගෙන ඇති බව එම සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව උත්සව සමය තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කිරීම සඳහා අවශ්ය සියලුම ක්රියාමාර්ග ගෙන තිබෙනවා.
The post උත්සව සමයේ ඉන්ධන සැපයීම අඛණ්ඩව appeared first on ITN News.