කොකේන් මත්ද්රව්ය ගුලි සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්රව්ය ගුලි ගිල දමා පැමිණි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා (04/12) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාරිය 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක්.
සැකකාරිය විසින් ගිල දමා තිබූ කොකේන් මත්ද්රව්ය ගුලි තොගය පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරයි.
The post කොකේන් මත්ද්රව්ය ගුලි සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.