තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි
බළන්ගොඩ පෙට්ටිගල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්රදේශයේම පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ වෘත්තියෙන් ත්රිරෝද රථ රියදුරෙක්.
පොලීසිය පවසන්නේ මත්පැන් සාදයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බළන්ගොඩ පොලීසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
The post තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මිය යයි appeared first on ITN News.