තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, ත්රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්රදේශයේ පසුගියදා සිදුකළ සෝදිසි මෙහෙයුමකිිින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහ හතර දෙනෙකු සමඟ ඩිංගි යාත්රා හතරක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්යානුකූල ධීවර කටයුතු ප්රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයසේ පසුවන මූතූර්, කින්නියා, වෙල්ලමානල් යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් දහ හතර දෙනා ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, ඩිංගි යාත්රා හතර සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.
The post තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.