වැස්ස එක්සත් අරාබියේ 18කට මරු කැඳවයි
එක්සත් අරාබි එමීර් රාජ්යයට හා එම කලාපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසර 75කට පමණ පසු එම කලාපයට ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය ලෙසයි සැලකෙන්නේ.
ඕමානයේ අතුරුදන් පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
පාසල් දරුවන් 9 දෙනෙකු රැගෙන යමින් සිටි මෝටර් රථයක් ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති බවද සදහන්.
අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩුබායි නගරයේ ප්රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.
ගංවතුර තත්ත්වය මධ්යයේ ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු කෙරුණු අතර ගුවන් ගමන් වාර කීපයක් ක්රියාත්මක වන ආකාරය ද විදෙස් මාධ්ය වාර්තා කළා.
මහාමාර්ග සාප්පු සංකීර්ණ ඇතුළු පොදු ස්ථාන ජලයෙන් යටව ඇති ආකාරය මෙහිදී දක්නට ලැබුණා.
රජයේ හා පෞද්ගලික ආයතන තම සේවකයින්ට නිවාඩු ලබාදී තිබෙනවා.
The post වැස්ස එක්සත් අරාබියේ 18කට මරු කැඳවයි appeared first on ITN News.