කාශ්මීරයේ බෝට්ටු අනතුරක් – 6 දෙනෙකු ජීවිතක්ෂයට
කාශ්මීරයේ ගංගාවක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කාශ්මීරයේ ජේලුම් ගංගාවේ පාසල් දරුවන් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මියගිය පිරිස අතරට කුඩා දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ඇතුළත්. තවත් කුඩා දරුවන් තුන්දෙනෙකු අතුරුදන් බවයි ඉන්දීය මාධ්ය සඳහන් කරන්නේ.
පසුගිය දින කීපය පුරා ප්රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමග ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබූ බවද වාර්තා වනවා.
බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ 15 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බවයි පොලීසිය සදහන් කරන්නේ.
The post කාශ්මීරයේ බෝට්ටු අනතුරක් – 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.