කාසල්රී ජලාශයට ගිය දරුවා අතුරුදහන්
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පවසනවා
කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්යාලයේ 11 වසරේ අධ්යාපනය ලැබූ ඩයස් ප්රනාන්දු ක්ලින්ටන් (17) නැමති සිසුවකු මෙසේ අතුරුදහන්ව තිබෙනවා
කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි මෙම සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග අද පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නෑ මට ගොස් පාසල් සිසුවා කාසල්රි ජලාශයට බැස මෙගොඩ සිට එගොඩ දක්වා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වී ඇති බවයි පවුලේ සමාජිකයින් සඳහන් කළේ
The post කාසල්රී ජලාශයට ගිය දරුවා අතුරුදහන් appeared first on ITN News.