දිවයිනේ සෑම ප්රදේශයකටම මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක්
දිස්ත්රික්ක හතරක් හැරුණු විට දිවයිනේ සෙසු සෑම ප්රදේශයකම අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නුවරඑළිය / මහනුවර / මාතලේ සහ බදුල්ල යන දිස්ත්රික්ක හැරුණු විට සෙසු දිස්ත්රික්කවල මෙම උෂ්ණාධික කාලගුණය පැවතිය හැකියි. මේ අතර ප්රදේශ කිහිපයකට අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
ඒ අනුව බස්නාහිර / සබරගමුව / වයඹ / ඌව සහ මධ්යම යන පළාත්වලත් අනුරාධපුර / වවුනියා / මන්නාරම / ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් මෙසේ වැසි ඇති විය හැකියි.
The post දිවයිනේ සෑම ප්රදේශයකටම මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් appeared first on ITN News.