ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

- itnnews.lk

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.

අද පෙරවරුවේ අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ සාමාන්යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්රය ද නිරික්ෂණ කළේය.

අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ ලබා ඇති ක්රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

එමෙන්ම ගොවිපොළ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විවිධ සංචාරක ප්රවර්ධන වැඩසටහන් ක්රියාවට නැංවීමේ අවශ්යතාවය ද පෙන්වා දුන්නේය.

එම කාර්යාල පරිශ්රයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මේ අතර සති අන්තයේ ගොවිපොළ නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

1940 දශකයේදි ආරම්භ කෙරුණු අඹේවෙල ගොවිපොළ 2001 වසරේ පෞද්ගලීකරණයට ලක් කෙරුණු අතර ඉන් පසු සිදු කෙරුණු පුළුල් නවීකරණය හේතුවෙන් මේ වන විට එය කිරි නිෂ්පාදන සහ ගොවිපොළ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්රධානතම මධ්යස්ථානය බවට පත්ව ඇති බව අඹේවෙල ගොවිපොළ සමූහයේ සාමාන්යාධිකාරී සරත් බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

ගොවිපොළේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධූරය දරන සමයේ සිටම ලබාදෙන සහාය මෙහිදී අගය කළ ඒ මහතා ජනාධිපතිවරයා නිරතුරුවම ගොවිපොළේ කටයුතු සොයා බැලීමට පැමිණීම පිළිබඳවද ස්තූතිය පිරිනැමීය.

2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා ගොවිපොළ වෙත පැමිණෙන විට එහි දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 40,000ක් පමණ වූ බවත්, පසුව ක්රියාත්මක කළ නවීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසර වන විට කිරි ලීටර් 52,000ක දෛනික නිෂ්පාදනයක් සිදු කෙරෙන බවත් එය 30%ක වර්ධනයක් බවත් සරත් බණ්ඩාර මහතා පැවසීය.

ක්රමානුකූලව කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගනිමින් වසරකට කිරි ලීටර් මිලියන 20ක් නිෂ්පාදනය කිරීමට ගොවිපොළ සමූහය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කිරි ගවයන් සඳහා වන ඉහළ ප්රමිතියෙන් යුත් ගුණාත්මක ප්රභේද මෙරටදීම නිර්මාණය කිරීමට අඹේවෙල සමූහය මේ වන විට සමත්ව ඇති අතර එම කිරි ගවයන් නඩත්තු කිරීම, අවශ්ය ආහාර පාන ලබා දීම, බර කිරීම, රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවා හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්රීය ක්රමවේදයකට අනුව යාන්ත්රානුසාරයෙන් සිදු කෙරේ.

එසේම පසුගිය සංචාරයේ දී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි මෙරට විශ්වවිද්යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මේ වන විට ගොවිපොළ විවෘත කර ඇති බවත්, තවත් එක් ගොවිපොළක් ආදර්ශ ගොවිපොළක් ලෙස මහජනතාවට විවෘත කර ඇති අතර ගොවි ජනතාව, ගොවි සංගම් නියෝජිතයන් ඇතුළු ඕනැම අයෙකුට එහි පැමිණ ආදර්ශ ගොවිපොළක අත්දැකීම් ලබා ගත හැකි බවත් සරත් බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ මේ වන විට රට තුළ ඇතිව තිබෙන ආර්ථක ස්ථාවරත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ ගොස් ඇති බවත්, දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව අඹේවෙල කිරි ගොවිපොළ නැරඹීමට පැමිණෙන බවත් පෙන්වා දුන් සරත් බණ්ඩාර මහතා වසර කිහිපයකින් පසුව එක් දිනක සංචාරකයන් වැඩිම පිරිසකගේ පැමිණීම වන සංචාරකයන් 9,000කගේ පැමිණීම මෙම වසරේ දිනක සනිටුහන් කෙරුණු බවත් සඳහන් කළේය.

ගොවිපොළ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මෙම වසරේදී ක්රියාවට නංවා තිබෙන බවත් ඔවුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් සරත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

The post ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.

You may also like

- onlanka.com

Sri Lanka's Examinations Department released the rescrutiny results for the 2022 (2023) General Certificate of Education Ordinary Level (O/L) Examination on Saturday (May 4).The post Sri Lanka releases GCE O/L rescrutiny Results for 2022 (2023) exams appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lanka and Chennai Super Kings (CSK) fast bowler Matheesha Pathirana has described MS Dhoni as a father figure in his cricketing journey, stating that the former CSK captain's simple advice has greatly boosted his confidence.The post Matheesha Pathirana hails MS Dhoni as father figure in IPL journey appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

The re-scrutinized results of the 2022 (2023) Ordinary Level Examination have been released around midnight yesterday (04).

- adaderana.lk

The Asian Development Bank (ADB) has reiterated its unwavering steadfast commitment to support Sri Lanka.

- island.lk

A total of 9770 Army personnel who were absent without leave (AWOL) have been discharged from the Sri Lanka Army during the first two weeks of the General Amnesty period which commenced on 20th April 2024. The Sri Lanka Army announced a general amnesty period for Army personnel who have been absent without leave from […]

- island.lk

Sri Lanka and Chennai Super Kings (CSK) fast bowler Matheesha Pathirana has called MS Dhoni a father figure in his cricketing career, saying the former CSK captain’s small advises have given him a lot of confidence. The 21-year-old fast bowler made his IPL debut in 2022, and has since become a vital cog in CSK’s […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc