කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙනා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) වන දින වඩුක්කෝට්ටේ පොලිස් වසමේ පාන්ඩවෙටිටි, සුලිපුරම්, කාලි කෝවිල අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද නීති විරෝධී කේරළ ගංජා කිලෝ 02, ග්රෑම් 70 ක් සන්තකයේ තබාගෙන සිටි සුලිපුරම්, නැගෙනහිර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
The post කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.