කොළඹ විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටෙයි
කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ශ්රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තකුයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ. අත්ත කඩාවැටීමෙන් ලොරි රථයකට සහ ත්රිරෝද රථයකට හානි සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්රතිකාර සඳහා රෝහල්ගතකර තිබුණා. එම ස්ථානය ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
The post කොළඹ විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටෙයි appeared first on ITN News.