ගංජා කිලෝ 8ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ විෂමත්ද්රව්ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල ප්රදේශයේ සිදු කල වැටලීමකදී වියලි ගංජා කිලෝග්රෑම් අටක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලෙවි කිරීම සදහා මෙම ගංජා තොගය සුදානම් කර තිබී ඇති අතර එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවයි පොලීසිය ප්රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොණරාගල ප්රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනකු වනඅතර සැකකරුවන් මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
The post ගංජා කිලෝ 8ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.