රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක්
මෙරට රත්රං මිල ගණන් පහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබුණා. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසයි. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
The post රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක් appeared first on ITN News.