රිය අනතුරු 3කින් 3 දෙනෙකු මිය යයි
ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පිටකොටුව, ඕල්කට් මාවත දෙවන හරස් වීදිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියක්, පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
අනතුරට අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර දොම්පේ, පුටුපාගල – වානලුවාව මාර්ගයේ උක්කොටුන ප්රදේශයේදී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී පැදිකරු මාර්ගයේ ඇද වැටී ඇති අතර ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ඔහුව ගැටීමෙනුයි එම අනතුර සිදුව තිබෙන්නේ..
මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පණ්ඩුලගම ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
The post රිය අනතුරු 3කින් 3 දෙනෙකු මිය යයි appeared first on ITN News.