KIU ජාත්යන්තර විශ්වවිද්යාලයට අනුබද්ධ ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබේ
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්යන්තර විශ්ව විද්යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා (26) පෙරවරුවේ ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරුණා.
ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධ වලින් තොරව ප්රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට KIU ජාත්යන්තර විශ්වවිද්යාලයේ පාලන අධිකාරිය බලාපොරොත්තුවෙනවා.
මෙම අවස්ථාවට KIU ජාත්යන්තර විශ්වවිද්යාලයේ උපදේශක ගලගම ධම්රංසි නාහිමියන්, එහි සභාපති ආචාර්ය ජගත් සෙනවිරත්න, අධ්යක්ෂ ආචාර්ය ITO KYO මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා.
The post KIU ජාත්යන්තර විශ්වවිද්යාලයට අනුබද්ධ ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබේ appeared first on ITN News.