ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසයි
කෝරළේ මහත්තයා ලෙස දශක ගණනාවක් පුරා ප්රේක්ෂක ආදරය සහ ගෞරව ලැබූ ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
ගුවන් විදුලියෙන්, වේදිකාවෙන් හමු වන ඔහු පුංචි තිරයේ ද, හඬ නළු භූමිකාවේ නිරත වූ අතර දෙලොවක් අතර, ගොළු හදවත, අක්කර පහ, බැද්දෙගම, නිධානය, කැලෑමල් ආදී චිත්රපට ගණනාවකටම ඔහු තම රංග ප්රතිභාව එක් කළේය.
අමරපුරය, සිටුවරයෝ සත්පුර වැසියෝ, සූරිය නෑයෝ වැනි ටෙලි නාට්ය හරහා ද විජේරත්න වරකාගොඩ මහතා රසික හදවත් සියුම්ව ස්පර්ශ කළේ ය.
ලංකා බැංකුවෙන් ඇරඹෙන ඔහුගේ වෘත්තියමය ජීවිතය, රජයේ ලිපිකරු විභාගයෙන් ලංකාවෙන් ම දෙවැනියා ලෙස සමත් වී රජයේ ලිපිකරුවකු ලෙසත් පසුව 1956 දී පොලිස් පරික්ෂක විභාගයෙන් සමත්ව පොලිස් පරීක්ෂකවරයෙකුව, ඉන්පසුව චිත්රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ, කළමනාකරණ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ආදී භූමිකාවන් හෙබ වූ දක්ෂ රාජ්ය නිලධාරියෙකි.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය , සංස්කෘතික සංවර්ධන සහකාර සාමා කුරේ , දේශීය වෛද්ය සංවර්ධන නිලධාරී අනුපමා විජේසුන්දර යන මහත්මිහු, දෙපාර්තමේන්තු නිලධාරීහු,රාජ්ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
The post ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසයි appeared first on ITN News.