ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි
ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් Major General (R) Faheem Ul Aziz ඊයේ (2024 අප්රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවුණා.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් අතර ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක් පැවැත්වුණා.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරුණා.
The post ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.