ලක්ෂ පහකට අධික හෙරොයින් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය පුද්ගලයෙකු කොටු වෙයි
තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කල හදිසී වැටලීමකදී හෙරොයින් මත්ද්රව්ය සමග අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයකසැක කටයුතු පුද්ගලයකු ගමන් කරන බවට තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් ට තොරතුරක් ලැබී ඇති අතර පසුව එම බස් රථය තණමල්විල පොලිස් ස්ථානය අසලදී නතර කර අදාල පුද්ගලයා පරික්ෂාවට ලක් කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් ට මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැක කටයුතු කරුණු රැසක් අනාවරණය වූ බැවින් මෙම පුද්ගලයා තණමල්විල ප්රාදේශීය රෝහලට රැගෙන ගොස් තවදුරටත් පරික්ෂාවට ලක් කර තිබේ.
එහිදී එම පුද්ගලායගේ ගුද මාර්ගයේ සගවාගෙන සිටි හෙරොයින් ග්රෑම් පහයි මිලිග්රැම් තුන්සිය හතලිහක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් ට හැකි වී තිබෙනවා.
එම හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බව පොලිසිය පවසන අතර සැකකරු සම්බන්ධයෙන් සිදු කල දීර්ඝ විමර්ශනයකදී මෙම සැකකරුකොල්ලකෑම්,සොරකම් ඇතුළු අපරාධ විස්සකට පොලීසියට අවශ්යව සිටි සැකකරුවෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පානම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරකපුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
The post ලක්ෂ පහකට අධික හෙරොයින් ගුද මාර්ගයේ සඟවාගෙන ගිය පුද්ගලයෙකු කොටු වෙයි appeared first on ITN News.