අද සිට පළාත් මට්ටමින් ඇරඹුන රෝහල් වෘත්තීය සමිති ක්රියා මාර්ගය
සිය ඉල්ලීම් සඳහා ලබාදුන් එකඟතාවන් ඉටු නොකිරීම හේතුවෙන් අද සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තිය සමිති ක්රියාමාර්ග අරඹන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.
ඒ අනුව අද දිනයේ දී උතුරු මැද පළාතේ රෝහල් තුළ මෙම වෘත්තිය ක්රියාමාර්ගය ක්රියාත්මක වු අතර තමන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් රෝගීන් සිය විරෝධය පළ කර සිටිනවා.
සෞඛ්ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුනොකළ බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය උතුරු මැද පළාතේ රෝහල් තුළ අද උදෑසන 8 සිට මධ්යයන 12 දක්වා ක්රියාත්මක වුණා. ලබන 13 / 14 / 15 / 16 යන දිනවල පිළිවෙලින් මධ්යම / සබරගමුව / වයඹ / දකුණ යන පළාත්වල එය ක්රියාත්මකයි.
ලබන 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්රියාමාර්ගය ක්රියාත්මක බවයි සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ. වෘත්තීය ක්රියාමාර්ගය ක්රියාත්මක කාලසීමාවේ සාමාන්ය සේවා වලින් ඉවත්ව සිටිය ද හදිසි අත්යවශ්ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදුකරන බව එම සන්ධානය වැඩිදුරටත් දැනුම් දෙනවා. ***
කෙසේ වෙතත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද දිනයේ ක්රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් ප්රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයයි දැකගත හැකිවුණේ
The post අද සිට පළාත් මට්ටමින් ඇරඹුන රෝහල් වෘත්තීය සමිති ක්රියා මාර්ගය appeared first on ITN News.