ඩයනාගෙන් පුරප්පාඩු වූ අසුන ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා .
The post ඩයනාගෙන් පුරප්පාඩු වූ අසුන ගැන මැතිවරණ කොමිසමට දැනුම්දෙයි appeared first on ITN News.