සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක්

- itnnews.lk

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්රියාත්මක වන සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතිය (SCIAP- Smart Climate Irrigated Agriculture Project)  මෙම වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් වීමට නියමිතව තිබුණා.

නමුත් මෙම ව්යාපෘතිය විසින් දුශ්කර දිස්ත්රික්ක රැසක ක්රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික සංවර්ධන ව්යාපෘති තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගත යුතුයැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමන් විසින් ඩොලර් මිලියන 25ක මුදලක් මෙම වර්ෂය සඳහා සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතිය සඳහා ලබාදීමට පියවර ගත් බව අමාත්යවරයා පසුගියදා (08) පැවසුවා.

සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතියේ ඉදිරි වර්ෂයේ වැඩ කටයුතු පිළිබඳ සමාලෝචන රැස්විමක් ඊයේ කෘෂිකර්ම අමාත්යාංශයේ දී පැවැත්වුණා.

මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු ව්යාපෘති නිලධාරින් රැසක් සහභාගි වී සිටියා.

මෙහිදී අදහස් පළ කළ අමාත්යවරයා මෙම වසර සඳහා වෙන් කළ ඩොලර් මිලියන 25ක මුදල ව්යාපෘති සඳහා වැය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නා.

විශේෂයෙන් ඒ ඒ දිස්ත්රික්කවල වැව් ප්රතිසංස්කරණ කටයුතු සඳහා මෙන්ම නව කෘෂි තාක්ෂණික උපකරණ ලබා දීම සඳහාත් වැඩි අවධානය යොමු කරන්නැයි ද අමාත්යවරයා දැනුම් දුන්නා.

දුශ්කර ප්රදේශවල ගොවි ජනතාවට වගාව සඳහා ජලය ලබා ගැනීමේ අපහසුතා තිබෙන නිසා සූර්ය බලයෙන් ක්රියාත්මක වන ජල පොම්ප සහන මිලක් යටතේ ලබා දීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ගොවීන්ට දරාගත හැකි මුදලක් සූර්ය බලයෙන් ක්රියා කරන ජල පොම්ප ලබා දීම සඳහා දැරීමට සිදුවන අතර අනෙක් මුදල් ප්රතිපාදන අය කර ගැනීමකින් තොරව රජයේ වියදමින් ගොවි ජනතාවට ලබා දීමට හැකි වන පරිදි වැඩ සටහන් ඇරඹීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතිය යටතේ දැනට ආවරණය වන දිස්ත්රික්කවල තවදුරටත් ඉදිරි වර්ෂය සඳහා ක්රියාත්මක කෙරෙන ව්යාපෘති අඛණ්ඩව ක්රියාත්මක කරන ලෙස ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්යවරයා- මින් වසර දෙකකට පෙර ඩොලර් මිලියන 20ක් ගෑස් නැවක් ගෙන්වා ගන්න නැතිව හිටපු රටක කෘෂි සංවර්ධනය සඳහා රජයේ මුදලින් ඩොලර් මිලියන 25ක් ලබා දීම සුලුපටු කාර්යයක් නොවෙයි.

ඩොලර් මිලියන 55ක් දෙන්න නොහැකිකම නිසා  අපේ රටට ආපු ඉන්ධන නැව් ආපහු හැරිලා ගියා.

රටේ විදේශ සංචිත ප්රමාණය ඉහළ යාමේ ප්රතිපලයක් වශයෙන් මෙම මුල්ය ප්රතිපාදන රජය ලබා දී තිබෙනවා. ඒ නිසා මෙම මුදල් ප්රතිඵලදායී ලෙස යෙදවීමට පියවර ගැනීම නිලධාරින්ගේ වගකීමක් යැයි ද අමාත්යවරයා පැවසුවා.

The post සුහුරු දේශගුණ වාරි කෘෂිකර්ම ව්යාපෘතියට තවත් ඩොලර් මිලියන 25ක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Extreme temperatures across Asia are driving up liquefied natural gas (LNG) demand in the region as importers seek cargoes ahead of summer, with imports in South Asia hitting records.

- adaderana.lk

The names of the students who have obtained the best results in the island at the 2023 (2024) G.C.E. Advanced Level examination from each stream have been released.

- adaderana.lk

The South Asian Institute of Technology (SAITM) and the Neville Fernando Teaching Hospital (NFTH) will be handed over to the Faculty of Medicine, University of Moratuwa in August, the President s Media Division (PMD) reported.

- onlanka.com

The Department of Examinations in Sri Lanka announced that the results of the 2023 (2024) G.C.E. Advanced Level (A/L) examinations were released online a short while ago.The post 2023 G.C.E. Advanced Level (A/L) exam results released appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

The Minister of Foreign Affairs of Maldives Moosa Zameer is scheduled to travel to Sri Lanka for an official visit from June 03 to 06, Maldivian media reported.

- adaderana.lk

The Court of Appeal has adjourned further consideration of a petition filed by plantation companies seeking writ order invalidating the gazette notification issued by the Minister of Labor stipulating a minimum daily wage for plantation workers, until next Monday (June 03).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc