රු.ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමට සමගාමිව දිවයින පුරා සිදුකරන සොදිසි මෙහෙයුම්වලින් මත්කුඩු හා නීතිවිරෝධි මත්ද්රව්ය රැසක්ම ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබෙනවා.
තණමල්විල සීනුග්ගල සහ හම්බේගමුව යන ප්රදේශවල නිවාස දෙකක් පරීක්ෂා කිරිමේ දී හෙරොයින් තොගයක් සොයා ගැණුනා.
අඹුසැමියන් ඇතුලු තුන් දෙනෙකු ද මෙහිදි පොලිසිය අත්අඩංගුවට ගත්තා.
හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් එම ප්රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ අතර තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
අම්බලන්තොට නගරයේ කළ වැටලිමක දී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වනවා.
The post රු.ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සමඟ තුන්දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.