ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇණහිටී
ඊශ්රායලය එල්ල කරන ප්රහාර හමුවේ ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
ඊශ්රායල හමුදා හා යුද ටැංකි ඉදිරියට ගමන් කරමින් ගාසා තීරයේ දකුණු රෆාහි දැඩි සටනක නිරතවෙමින් සිටිනවා.
හමාස් සටන්කාමීන් ද ඊශ්රායලයට එරෙහිව රොකට් හා මෝටාර් ප්රහාර එල්ල කර තිබෙනවා.
ප්රහාර වලට බියෙන් මේ වන විට පලස්තීන ජාතිකයන් 80,000ක් රෆා නගරයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තවත් දහස් ගණනක් පළා යාමට උත්සාහ කරමින් සිටිනවා.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්රායලය එල්ල කරන ප්රහාරවලින් පුද්ගලයන් 34,904 ක් මිය ගොස් තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්යාව 78,514 ක්. හමාස් ප්රහාරවලින් ඊශ්රායලයේ මියගිය සංඛ්යාව 1,139 ක් වනවා.
The post ගාසා තීරයේ ආධාර බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇණහිටී appeared first on ITN News.