නීති විරෝධි මත්කරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට.ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ඩි. සංජිව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) වන දින කෝපායි පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සඳහා Pregabalin මත්කරල් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සෙල්වපුරම් ප්රදේශයේ පදිංචි වයස අවුරදු 19 පසුවන පුද්ගලයකු හා කොණ්ඩාවිල් ප්රදේශයේ පදිංචි වයස අවුරදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
The post නීති විරෝධි මත්කරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.