හම්බන්තොට දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ ශ්රම වාසනා අරමුදල් ක්රමය යටතේ හම්බන්තොට දිස්ත්රික්කයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ බෙදා දීම අමාත්යාංශය විසින් සංවිධානය කරන ලද ‘ජයගමු ශ්රී ලංකා වැඩසටහනේදී අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (11) සිදුවුණා.
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයට අයත් නියමු ආයතනයක් වන ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘ශ්රම වාසනා අරමුදල’ පිහිටුවා ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ බෙදා දීමේ ප්රජාසත්කාරයක් ලෙසයි.
ඒ අනුව දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් පාසැල් සිසුන් දහසකට පාසැල් උපකරණ සහිත පොත් බෑග් බෙදාදීම සිදුවුණා.
මෙම අවස්ථාවට ශ්රම වාසනා අරමුදලේ සාමාන්යාධිකාරී ඩී.ආර්. ජයලත්, විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඩී.වී. චානක, අමාත්යාංශයේ සහ කාර්යාංශයේ නිලධාරීන් සහභාගි වුණා.
The post හම්බන්තොට දිස්ත්රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසැල් උපකරණ appeared first on ITN News.