කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
කුලියාපිටිය, ඉලුක්හේන ප්රදේශයේදී පසුගිය අප්රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්සාවුල්ල, ඉලුක්හින්න ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක්.
සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටි සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගනු ලබන්නේ පසුගිය 07 වැනිදා මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයෙන්.
The post කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට appeared first on ITN News.