මාලිමාවේ සාමාජිකයෙකු සමගි ජන බලවේගයේ සාමාජිකයෙකුට පහර දෙයි
බුලත්සිංහල ඈගල්ඔය ප්රදේශයේ ජාතික ජන බලවේගයේ ක්රියාකාරී සාමාජිකයෙකු තමන්ට පහරදීමක් සිදුකළ බවට එම කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ක්රියාකාරිකයෙකු වන සුමිත් සේනක නැමැත්තා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මැයි පළමුවනදා පැවති සමගි ජන බලවේගයේ මැයි දින රැළියට පහරදීම සිදුකළ පුද්ගලයාගේ මව සහ පියා සහභාගි කරවීම සම්බන්ධයෙන් උරන වු මෙම ජාතික ජන බලවේගයේ සාමාජිකයා තමාට පහරදුන් බවයි පහරකෑමට ලක්වු සුමිත් සේනක මහතා පවසන්නේ.
ඔහු බුලත්සිංහල පොලිසියට පැමිණිලක් කර ඇති අතර බුලත්සිංහල ප්රාදේශීය රෝහලට ඇතුලත්ව සිටිනවා.
The post මාලිමාවේ සාමාජිකයෙකු සමගි ජන බලවේගයේ සාමාජිකයෙකුට පහර දෙයි appeared first on ITN News.