අවසන් ග්ලැසියරයත් වෙනිසියුලාවට අහිමි වෙයි
වෙනිසියුලාවට අවසන් ග්ලැසියරය ද අහිමි වී තිබෙනවා.
මුහුදු මට්ටමේ සිට මීටර් 5000ක උසින් පිහිටි සියරානේවාඩාඩි මේරිඩා කදු පන්තියේ පිහිටි හම්බෝල්ට් නැමැති ග්ලැසියරය තවත් දශකයක කාලයක්වත් සුරැකී පවතිනු ඇති බවටයි විද්යාඥයින් මීට පෙර අනාවැකි පළ කර තිබුණා.
එසේම ප්රදේශයේ මේ වන විට අයිස් හෙක්ටාර් දෙකක පමණ කොටසක් ඉතිරිව ඇති බැවින් එය අයිස් තට්ටුවක් බවට නැවතත් නාමකරණය කර තිබෙනවා.
ඒ අනුව ග්ලැසියර පහකට හිමිකම් දැරෑ දකුණු ඇමෙරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටක් වන වෙනිසියුලාව නූතනයේ සියලුම ග්ලැසියර අහිමි වු ලොව පළමු රට බවට පත් වනවා.
The post අවසන් ග්ලැසියරයත් වෙනිසියුලාවට අහිමි වෙයි appeared first on ITN News.