දේශපාලන පක්ෂ නායකයින් කරන පදනම් විරහිත කතා ගැන සියඹලාපිටිය කට අරී
ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
එමෙන් ම බදු අඩු කර රාජ්ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවයි අමාත්යවරයා සදහන් කළේ.
මේ වනවිට රාජ්ය ව්යාපාර ප්රතිව්යුහගතකරණ ප්රතිපත්තිය සම්පාදනය කොට අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවත් රාජ්ය ආයතන ලාභදායි තරඟකාරී සහ ජාත්යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා අවශ්ය පිළියම් යොදන බවත් අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියා
ඒ සඳහා කොටස් විකිණීම, කළමනාකරණය වෙනස් කිරීම, සමුපකාර ක්රමයකට ක්රියාත්මක වීම ආදී ක්රම ඇසුරින් කවර හෝ අන්දමින් ඒ ඒ ව්යාපාර සඳහා වඩාත් ගැලපෙන ආකාරයකින් එම ප්රතිවිමගත කරන කටයුතු සිදු කරන බවද අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා
වෙනත් දේශපාලන පක්ෂ මෙම තත්ත්වයන් වෙනස් කරන බවට ජනතාව නොමග යවමින් සිදුකරන්නේ ද දැනට රජය ක්රියාත්මක කරන වැඩපිළිවෙළම බවද අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියා
The post දේශපාලන පක්ෂ නායකයින් කරන පදනම් විරහිත කතා ගැන සියඹලාපිටිය කට අරී appeared first on ITN News.