මැතිවරණ කොමිසම සිටින්නේ ප්රජාතන්ත්රවාදයේ ඉදිරි පෙළෙහිය

- colombotelegraph.com

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

පන්ති හෝ වාර්ගික සහ ආගමික අනන්‍යතාව නොළකා මැතිවරණ විසින් මිනිසුන්ට සමාන අද්විතීය තත්වයක් සපයනු ලබයි. මෙමගින් ප්‍රතිවාදී දේශපාලකයන්ට තම නොසෑහෙන අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට ඉඩකඩ සැලසේ. ඉලක්කගත ආකාරයෙන් රාජ්‍ය සම්පත් ප්‍රජා මට්ටමට ගෙනයන සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආණ්ඩුව විසින් ආරම්භ කර ඇත. ඒ සඳහා බිම් මට්ටමේ සහයෝගය එක්රැස් කිරීමේදී මෙම මුලපිරීම් ආණ්ඩුවට වාසිදායක වනු ඇත. මැතිවරණ කාලයකදී තම ඡන්දය තහවුරු කර ගැනීම සඳහා ජනතාවට දැනෙන සහනාධාර බෙදාදීමට ආණ්ඩු බලය දරන අයට හැකියාව තිබේ. මෙම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා අනුමත නොකිරීමට මැතිවරණ කොමිසමේ සහ සිවිල් සංවිධානවල මැදිහත්වීම මෙහිදී වැදගත් කොට සැළකිව යුතුය.

අපේක්ෂා කළ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව විසින් වැඩසටහන් රැසක් දියත් කර ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆ්රල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි. දුප්පතුන්ට සහල් බෙදාදීම ඇතුළු මෙම වැඩසටහන් සඳහා බිලියන ගණනක බදු මුදල් වැයවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. “ආණ්ඩුව සංවර්ධන කටයුතු සඳහා එක් පළාත් පාලන බල ප්‍රදේශයකට රුපියල් මිලියන 10 බැගින් වෙන් කර තිබෙනවා. එම අරමුදල් පළාත් ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි භාවිත කරනු ලබනවා. ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා වන අතර මෙය මැතිවරණය ඉලක්ක කරගත් උත්සාහයක් බව පැහැදිලියි.” මැතිවරණ නිල ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩ ඇති ජූලි 31 වැනිදා වන විට රජයේ සියලුම ව්‍යාපෘති අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කර ඇති බව රෝහණ හෙට්ටිආරච්චි මීට පෙර ප්‍රකාශ කළේය.

ඡන්දදායකයන්ගේ අවශ්‍යතා ඇඟට දැනෙන ආකාරයෙන් ඉටුකිරීමට වර්තමානයේ පියවර ගත හැකි බැවින් ආණ්ඩුවේ සිටින අයට මේ මොහොතේ වාසියක් පවතී. මැතිවරණයක් ප්‍රකාශ කළ පසු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රජයේ සම්පත් ජනතාවට ලබාදීමට ඍජුව මැදිහත් විය නොහැකි බව මැතිවරණ නීතියෙන් පැහැදිලි කර ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමේ බලපෑම පිළිබඳව පැෆ්රල් සංවිධානය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොයාබැලූ මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂිත මැතිවරණයට පෙර ආණ්ඩුව ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රශ්න කර තිබේ.

දේශපාලනීකරණයක් නැත

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය මගින් මැතිවරණ කාලසීමාවක් තුළ ජනතාවට සහනාධාර බෙදාහැරිම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වක්‍ර මැදිහත්වීමේ හැකියාවට එරෙහිව ප්‍රතිපාදන සම්පාදනය කර ඇත. මැතිවරණ ව්‍යාපාරයේදී රාජ්‍ය මාධ්‍ය, ප්‍රචාරණ සහ මහජන සන්නිවේදනය පක්ෂග්‍රාහී අරමුණු සඳහා භාවිත කිරීමට රජයේ නිලධාරීන්ට ඇති හැකියාව නීතියෙන් සීමාකර ඇත. මැතිවරණ කාලසීමාව තුළ රජයේ සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීම මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ ස්වාධීන නිරීක්ෂකයන්ට පැවරී තිබේ. රජයේ වාහන, උපකරණ, කාර්ය මණ්ඩලය සහ වෙනත් සම්පත් අවභාවිතය වැලැක්වීම සඳහා ඒවා භාවිත කිරීම නිරීක්ෂණය කිරීම මෙයට ඇතුළත් වේ. බලයේ සිටින අයගේ වක්‍ර බලපෑම් ප්‍රයත්නයන් හමුවේ වුවද, මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට දරන උත්සාහය මෙම විධිවිධාන මගින් පෙන්නුම් කෙරේ.

“පුඩිං පරීක්ෂා කළ හැක්කේ කෑමට අසුන්ගත් පසුව” යැයි කියනු ලැබේ. එක් එක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා රුපියල් මිලියන 10 බැගින් වෙන්කිරීමට නියමිත ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබේ. ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු පිළිබඳව තීරණය කිරීමට මෙම කමිටු සාමාජිකයින්ට බලය පැවරීමට නියමිතය. ප්‍රශ්නය වන්නේ පසුගිය වසරේ එම ප්‍රදේශවලම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණත්, මැතිවරණය කල්දැමීමයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේක්ෂකයන් අදාළ උපදේශක කමිටුවලට පත්කර තිබේ. මැතිවරණ කල්දැමුණද ඔවුන්ගේ නාමයෝජනා වලංගුව පැවතීම මෙහිදී ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ නිර්මාණය කරයි.

උපදේශක කමිටු මගපෙන්වීම යටතේ බෙදාහැරීමට නියමිත සහනාධාර අතර සැළකිව යුතු රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් පවතින බව හඳුනාගත හැකිය. පවුල් ලක්ෂ 20කට අධික පිරිසකට ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනක් සහ පවුල් ලක්ෂ 30කට ආසන්න පිරිසකට මාස දෙකක කාලයක් නොමිලේ සහල් බෙදාදීමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. අනෙකුත් ව්‍යාපෘති අතර නාගරික ප්‍රදේශවල නිවාස බෙදාදීම, කඳුකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ කෘෂිකර්මාන්තය නවීකරණ ව්‍යාපෘති ඇතුළත් වේ. රාජ්‍ය සම්පත් බෙදාහැරීම පිළිබඳ මෙම ප්‍රධාන ක්‍රියාකාරකම් දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කරන කරුණු සත්‍ය වේ.

ඉහළ කොටස්

පක්ෂග්‍රාහී දේශපාලනය යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයට වඩා ඉහළින් යෑම වැලැක්වීම සහතික කිරීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන ලදී. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බල තුලනය යථා තත්ත්වයට පත්කිරීම හා ශක්තිමත් කිරීම සහ ජනාධිපති බලතල අඩු කිරීම, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ඉහළ නැංවීම එහි අරමුණ විය. මෙම කොමිෂන් සභා මීට පෙර දේශපාලන මැදිහත්වීම්වලට ලක්විය. ප්‍රශ්නය වන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා ලබා දී ඇති අය, රාජ්‍ය සම්පත් වෙන්කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීම වෙනුවෙන් පත්කිරීම ගැන මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති නිරීක්ෂණවලට ආණ්ඩුව ගරු කරන්නේද යන්නයි.

එළැඹෙන මැතිවරණයට පෙර රජයට මහජන සහයෝගය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බැවින් එවැනි යෝජනා ඉහළ මට්ටමක පවතී. මීට වසරකට පෙර, මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රකාශ කිරීම නියමිත දිනට සිදුකිරීමට සූදානම් වන විට ආණ්ඩුව එය නොසළකා හැරියේය. රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් මුදාහැරීමට නොහැකි වූ බව ආණ්ඩුව ප්‍රකාශ කළේය. මෙම මතභේදය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ගිය අතර, එහිදී තීන්දුවක් ලබාදී ඇත්තේ මැතිවරණ සඳහා රජයේ අයවැයෙන් දැනටමත් වෙන්කර ඇති මුදල් අවහිර නොකළ යුතු බවත්, ඒවා අරමුණු කරගත් මැතිවරණ සඳහා යෙදවිය යුතු බවත්ය. එහෙත් රජය එම මැතිවරණ නොපවත්වා නීතිය උල්ලංඝනය කරමින් දිගින් දිගටම ඒවා කල්දමමින් සිටී.

අවසාන බලය ජනතාව සතුව පවතී. කෙටිකාලීන ජයග්‍රහණවලට ප්‍රමුඛත්වය දෙනවාද, එසේත් නැතිනම් සැමට අදාළ වන නීතියෙන් පනවා ඇති ක්‍රමයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම ඡන්දය දෙන විට ඔවුන්ට භාරව ඇත. 2022 දී ආර්ථිකය බිඳවැටීම සහ විරෝධතා ව්‍යාපාරයේ නැගීම ඔස්සේ “පද්ධති වෙනසක්” යන සටන් පාඨය මහජන පරිකල්පන ගින්න අවුළුවාලීය. ජීවත්වීමේ කටුක යථාර්ථයන් මගින් එම ගින්න නිවා දමන්නේද, එමෙන්ම වර්තමාන සහ කෙටි කාලීන වශයෙන් හැකි සෑම දෙයක්ම ලබාගැනීම වෙනුවෙන් මැතිවරණය භාවිත කරන්නේද යන්න ඉද්රියේදී තීරණය වනු ඇත. පද්ධති වෙනස්වීම ක්‍රියාවලියක් මෙන්ම ප්‍රතිඵලයක් ද වේ. දේශපාලන ක්‍රියාකාරීන් අවධානය යොමුකළ යුත්තේ පද්ධතිය වෙනස් කළ හැකි ක්‍රියාවලිය කෙරෙහි ය. මැතිවරණ කොමිසම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට ඉදිරියෙන්ම සිටී. එයට මහජන සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය වේ.

The post මැතිවරණ කොමිසම සිටින්නේ ප්රජාතන්ත්රවාදයේ ඉදිරි පෙළෙහිය appeared first on Colombo Telegraph.

You may also like

- colombogazette.com

Israel and Hamas have been accused of committing a litany of war crimes and human rights abuses since 7 October in a new independent report to the UN Human Rights Council. The damning accusations, compiled by investigators from the UN’s Commission of Inquiry, accused both sides of war crimes for mounting attacks against civilian populations […]

- colombogazette.com

The Central Bank is to regulate all money transfer services in Sri Lanka, the Central Bank of Sri Lanka (CBSL) said in a statement. Currently, institutions providing money transfer services in Sri Lanka such as banks and non-bank financial institutions, are regulated by the Central Bank of Sri Lanka or other relevant authorities to ensure […]

- colombogazette.com

Three people were killed when a van crashed into a bus in Wagama along the Bibila – Mahiyanganaya road. The Police said the bus had stopped for repairs when the van crashed into it. Three people travelling in the van were killed in the accident while 5 others sustained injuries. Further investigations are underway. (Colombo […]

- colombotelegraph.com

[…]The post Historic Crimes Of The Chauvinistic Left: Why Defending Marxist Position Is Important appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post NPP: The Unrivalled Choice In Sri Lanka Politics appeared first on Colombo Telegraph.

- island.lk

Minister of Justice, Prison Affairs and Constitutional Reforms Dr. Wijeyadasa Rajapakshe, addressing a press briefing held at the Presidential Media Centre today (12) under the theme “Collective Path to a Stable Country” announced plans to enact approximately 15 crucial laws in the upcoming weeks. Highlighting progress, he noted that over the past 18 months, around […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc