වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ
නායයාම් අවධානම් හේතුවෙන් වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද උදෑසන සිට යළි විවෘත කර තිබෙනවා.
ඊයේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා.
එම ප්රදේශයේ කළ පරීක්ෂණවලින් පසු අවධානම් තත්ත්වය පහව යාම හේතුවෙන් මාර්ගය විවෘත කළ බවයි බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් අද දිනයේ අධික වර්ෂාවක් ලැබුනහොත් එම මාර්ගය යළි අවධානම් තත්ත්වයට පත්වන බවයි ආපදා කළමනාකරණ ඒකකය ප්රකාශ කළේ.
The post වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ appeared first on ITN News.