තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීම සඳහා මෙම වසරට රු. මිලියන 1600ක්

- itnnews.lk

මෙම වසර තුළ සෑම දිස්ත්රික්කයකටම තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයිනේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

තරුණ ප්රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙඳපොළ මෙන්ම අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම මෙන්ම ඉහළ ඉල්ලුමක් පවතින කෘෂි නිෂ්පාදන සඳහා තරුණ ප්රජාව යොමු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණු අතර වෙනවා.

තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (16) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවී කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්යාංශයේ නිලධාරිහු මෙන්ම පළාත් කෘෂිකර්ම නිලධාරිහු සහ අමාත්යාංශයට අනුබද්ධ ආයතනවල සියලු නිලධාරිහු සහභාගි වුණා.

මෙම වැඩ සටහන සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම මේ සඳහා අවශ්ය සියලු මුල්ය ප්රතිපාදන රජය විසින් මෙම වසර සඳහා ලබා දී තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 1600ක මුදලක් තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන සඳහා ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ යටතේ එළවළු, පලතුරු, අනෙකුත් බෝගවර්ග, වැවිලි බෝග, මත්ස්ය නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත, ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, පශු සම්පත් ආශ්රිත නිෂ්පාදන ආදි කර්මාන්ත සඳහා වන ව්යාපෘති මෙම ගම්මාන තුළ ක්රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර අප රටේ ගොවිතැනින් තරුණ ප්රජාව ඈත් වෙමින් සිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි අවධාරණය කළා.

තරුණ ප්රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් ඒ කෙරෙහි ඔවුන් තුළ විශ්වාසය තහවුරු කළ යුතුයි.

මේ සම්බන්ධව මම අමාත්ය මණ්ඩලය දැනුම්වත් කළා.

විශේෂයෙන් තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන වැඩ සටහන ගැන මම ව්යාපෘති වාර්තාව ඉදිරිපත් කළා.

මේ සම්බන්ධව රජය යහපත් ප්රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ නිසා මෙම වැඩ සටහන ක්රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි යැයි ද අමාත්යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්ය අමාත්යවරුන් වන ඩී.බී. හේරත්, මොහාන් ප්රියදර්ශන සිල්වා හා අමාත්යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරු ද සහභාගි වී සිටියා.

The post තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීම සඳහා මෙම වසරට රු. මිලියන 1600ක් appeared first on ITN News.

You may also like

- island.lk

In a way, it’s fitting that cricket’s oldest international  rivalry will kick off its biggest World Cup, comprising 20 teams. Long before Australia and England played the first-ever Test in 1877, USA and Canada locked horns in a three day game  in 1844.  In that match in New York, Canada came out on top by […]

- island.lk

At least 20 people, including children, have drowned when a boat sank during a river crossing in Afghanistan’s eastern Nangarhar province, according to local officials. Quraishi Badloon, the head of Nangarhar province’s information department, said in a post on X that the vessel capsized at 7am (02:30 GMT) on Saturday “in the river in the […]

- adaderana.lk

The Welipenna Interchange of the Southern Expressway has been closed until further notice due to a section of the road being flooded, the Director of the Road Development Authority (RDA) said.

- adaderana.lk

Twenty people, including children, drowned when a boat sank during a river crossing in Afghanistan s eastern Nangarhar province on Saturday, a provincial official said.

- adaderana.lk

Sri Lanka Police on Friday arrested the alleged handler of four Sri Lankan suspected ISIS terrorists, who were taken into custody in Gujarat s Ahmedabad Airport.

- island.lk

The UK ambassador to Mexico reportedly left his post earlier this year after he pointed a gun at a local member of embassy staff. A video posted on social media, originally reported by the Financial Times, purports to show Jon Benjamin aiming a rifle at another man while looking down the weapon’s sights. It was […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc