අයිස් සහ ඈෂ් මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටි යුවලක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමට සමගාමිව අපරාධ මර්දනය කිරිමේ වැටලීම් තවදුරටත් සිදුකෙරෙනවා.
අයිස් සහ ඈෂ් මත්ද්රව්ය මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි බව කියන යුවලක් තලංගම හීනැටිකුඹුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා.
අයිස් මිලි ග්රෑම් 10ක් සහ ඈෂ් මිලි ග්රෑම් 80ක් ඔවුන් සමග තිබි අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මේ අතර තණමල්විල ඌරුහොර හම්බෙගමුව ප්රදේශයේ ගංජා වගාවක් ඩ්රෝන යානා උපයෝගී කර ගනිමින් වැටලිමක් සිදුකෙරුණා. විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමේ දී ගංජා ගස් 3500කට අධික වගාවක් විනාශ කෙරුණා. එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post අයිස් සහ ඈෂ් මත්ද්රව්ය ප්රවාහනය කරමින් සිටි යුවලක් අත්අඩංගුවට appeared first on ITN News.