පුත්තලමේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට
මත්ද්රව්ය විනාශ කිරිම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට සිදුකෙරෙනවා.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙය ඉදිකර ඇති අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 11කට අධික බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.
විවිධ ප්රදේශවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය මෙම අධිබැලැති උදුන භාවිත කරමින් විනාශ කිරීම පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදුකෙරෙන බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව මෙම උදුනේ ප්රථම මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට පස්වරු 5ට සිදුකෙරෙන්නේ ඒ මහජන ආරක්ෂක අමාත්යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් මෙන්ම විනිසුරුවරුන් / අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයන් / රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් / ඖෂධවේදීන් / මත්ද්රව්ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් සහ මාධ්යවේදීන් හමුවේයි.
ඒ අනුව මෑතකදී පාකිස්තාන ජාතිකයන් 7 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්රෑම් 279යි ග්රෑම් 590ක තොගය මෙන්ම අයිස් කිලෝ ග්රෑම් 45යි ග්රෑම් 654ක් මෙම උදුනේ දී හෙට දින විනාශ කිරීමට නියමිතයි.
සෙල්සියස් අංශක 800ත් / 1200ත් අතර උෂ්ණත්වයකින් මත්ද්රව්ය විනාශ කෙරෙන අතර ඒ සදහා පැය 8ක කාලයක් ගතවනු ඇති.
මෙම උදුන පැයක කාලයක් ක්රියාත්මක කිරීම සදහා ගෑස් කිලෝ ග්රෑම් 15ක් සහ ඩීසල් ලීටර 4ක් වැය වන බවයි පොලිසිය සදහන් කරන්නේ.
The post පුත්තලමේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට appeared first on ITN News.