ටෙක්සාස් ප්රාන්තයට බලපෑ සුළි කුණාටුවෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටෙක්සාස් ප්රාන්තයට පැයක කිලෝමීටර 160ක ප්රබලත්වයකින් යුතු සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසකට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුවේ ප්රබලත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ටොනෙඩෝ තත්ත්වයක් ඇති විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු අඟවනවා.
ගස් කඩා වැටීම හේතුවෙන් මිලියනයක පමණ පිරිසකට විදුලි බලය අහිමි වී ඇති බවද සදහන්. එමෙන්ම කඩා වැටුණු ගස්වලට යට වීමෙන් මෝටර් රථ රැසකට හානි සිදුව ඇති බවද වාර්තා වනවා.
The post ටෙක්සාස් ප්රාන්තයට බලපෑ සුළි කුණාටුවෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.