මැයි 18: 'මම එයාව අන්තිම වතාවට දැක්කේ මුල්ලිවයික්කාල් වෙරළේ ඉන්නකොට'
''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය.