ක්‍රිකට් ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹිය යුත්තේ ඇයි?
ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සියයක් ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කර ඔවුන් සමග කොන්ත්‍රාක් ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ” ඒ ” ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 30 ක් ප්‍රධාන (මධ්‍යම) කොන්ත්‍රාත්තුවකටද තරැණ ක්‍රීඩකයින් 20 ක් (නැගි එන ක්‍රීඩක කොන්ත්‍රාත්තු) යටතේද ජ්‍යෙෂ්ට ප්‍රවීන ක්‍රීඩකයින් 25 ක් තෘප්තිකර කොන්ත්‍රාත්තුවකටද පිට පළාත් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම හා අන්තර් සමාජ ක්‍රීකට් දියුණු කිරීමට තවත් ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගිවිසුම් 25 කට ද ක්‍රිකට් පාලක මණ්ඩලය ඔක්තෝබර් මස ප්‍රථම සතියේ අත්සන් තබති.
ක්‍රිකට් ක්‍රීඩකයින් 100 ක් සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තැබීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විධායක කමිටුව නොබෝදා තීරණයකට එළැඹියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩාවේ තත්වය හා මට්ටම නගාසිටුවීමේ අරමුණිනි. ක්‍රිකට් මූලස්ථානයේදී පසුගිය 10 වැනිදා ගිවිසුම් වලට තෝරාගත් ක්‍රීඩකයින් සියළුදෙනා මුණ ගැසුණු ක්‍රීකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙවැනි ගිවිසුම් මගින් ඇතිවන ඵලදායී ප්‍රයෝජන පිළිබඳව විස්තරයක් කළේය.
ක්‍රීඩකයින් හා පාලක මණ්ඩල ගිවිසුම් වලට එළැඹිම යනු කුමක්ද ? එයින් ක්‍රීඩකයනට හා පාලක මණ්ඩලයට කුමන යහපතක් සිදුවේද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් විය හැකිය.
ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රිකට් ආයතන ක්‍රීඩකයන් සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තැබීම මුලින්ම සිදු කලේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය දකුණු අප්‍රිකාව වැනි දියුණු ධනවත් රටවල්ය. ඊට දීර්ඝ ඉතිහාසයක් ඇත. ආසියානු ක්‍රීඩකයින් අතුරින් මුලින්ම මෙවැන්නකට සම්බන්ධවූයේ ඉන්දියාවයි. ශ්‍රිලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ක්‍රිකට් ක්‍රීඩකයින් සමග කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තැබුවේ 1982 වසරේ අප ටෙස්ට් වරම් ලබා ගැනීමෙන් පසුවය. එදා සිට මේ දක්වා දශක තුනක් පමණම ගෙවී ඇත.
ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා ප්‍රථම අවුරැදු 8 -10 කාලය තුළ එතරම් ගෙවීමක් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිදු නොවූවත් පසුව කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයිනට වාර්ෂිකව වැඩි පුර මුදල් ගෙවීම් හා අත්සන් තැබීම සිදු කෙරැණි. ඊට ප්‍රධාන හේතුව වුයේ කළින් ක්‍රීකට් ක්‍රීඩාව සමග මුදල් එතරම් සම්බන්ධ නොවූවත් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් විශාල ලෙස ගලා ඒමය.. රෑපවාහිනී තරග විකාශ අයිතියවාසිකම් ලබාදීම අනුග්‍රහකත්ව මගින් මේවා සිදු කෙරිනි. එමගින් ක්‍රිකට් ක්‍රීඩකයිනටද ලොව අනෙක් පිළිගත් මුදල් ගලා එන ක්‍රීඩාවන් වන ගොල්ෆ් පැසිපන්දු පාපන්දු ක්‍රීඩකයන්ට මෙන් යම් ලෙසකින් හෝ ධනවත් වීමේ අවස්ථාව උදාවුණි.
ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තැබීම ශ්‍රී ලංකාව වැනි රටවල ඉතාමත් කාලෝචිතය. ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතුරින් තම අවශ්‍යතා එනම් ක්‍රිකට් උපකරණ අගනුවර නවාතැන් පහසුකම් පෝෂදායි ආහාර ගැනීම් ගමන් වියදම් අවශ්‍ය ඔෟෂධ යනාදිය හරිහැටි සපුරා ගත හැක්කේ සියයට පහකට හෝ දහයකට පමණ පිරිසකට පමණි. තවත් පිරිසක් දෙමාපියන්ගෙන් යැපෙති. තවත් කොටසකට ගෙදර දොර ප්‍රශ්ණ අඩු පාඩු කම්ද විසදීමට සිදුවේ. මේ කරැණු මත ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ද බොහෝමයකි.
මෙවැනි වාතාවරණයක් යටතේ ක්‍රීඩකයන් සහ පාලක මණ්ඩලය අතර කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තබා ක්‍රීඩකයනට යම් ප්‍රතිපාදනයක් ලබා දීම වැදගත්ය. මෙයින් ක්‍රීඩකයින්ගේ පැත්තට මෙන්ම පාලක මණ්ඩලයටද යහපත් ප්‍රථිපල ගෙන එයි. ක්‍රීඩකයට ඉහත කී ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාවක් සැලසුම් සහගතව දීර්ඝ කාලීනව ක්‍රීඩාවේ නියැලීමටත් ඉඩ සැලසේ. හිණිපෙත්තට යන ක්‍රීඩකයින් අතුරින් දෙතුන් දෙනෙකු තමන්ට අවශ්‍ය පරිදි විශාල මුදල් ගෙවන එතෙර තරගාවලියන්ට අවසර නොලබාම සහභාගී වීමට උත්සහ ගැනීම් වැලැක්වීම ක්‍රීඩකයන් විනයානුකූලව හැසිරීමට ආචාර ධර්ම පද්ධති අනුගමනය කිරීම වැනි දේ ක්‍රීයාත්මක කිරීමට පාලක මණ්ඩලයටද අවස්ථාව සැළසේ.
ජාතික මට්ටමේ උසස්ම දස්කම් පෑ ක්‍රීඩකයනට කොන්ත්‍රාත් ගිවිසුම් අනුව මුදල් ගෙවීමේදී අතීතයේ වැඩිපුරම ගෙවා ඇත්තේ මසකට ක්‍රීඩකයෙකුට රැපියල් ලක්ෂ දෙකහමාරක පමණ සිට ලක්ෂ හතරක් පමණ ඉක්මවන මුදලකි. ඔවුන්ගේ දක්ෂතා හා කණ්ඩායමේ ජ්‍යෙෂෟඨත්වය හා නායක උපනායකත්වයටද ඊට බලපෑවේ. ඒ අතුරින් අතීතයේදී ඉදිරිපන් සිටි කිහිප දෙනෙකු වන්නේ සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර වැන්වුන්ය.
අතුරැපාලක මණ්ඩල පත්වූ අවස්ථා කිහිපයකදීම ක්‍රීඩක ගෙවීම් අතපසුවීම් මාසික ගෙවීම් අඩු කිරීම් යනාදී අපහසුතා රැසකට මුහුණ දීමට ක්‍රීඩකයනට සිදුවිණි.
තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන්යුත් වත්මන් ක්‍රීකට් පාලකද මණ්ඩලය නැති වූ අභිමානය කරා නැවත යන ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘතියේදී දක්ෂ තරැණ ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත් ක්‍රීඩකයන් සියයක් හඳුනා ගෙන කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළැඹීම ඉතාමත්ම වැදගත් පියවරකි. මෙමගින් තරැණ ක්‍රීඩකයින්ට දීර්ඝකාලීනව සැලසුම් සකස් කර ගැනීමටත් පිටිසර ඇතුලු ඈත පළාත්වල දක්ෂ ක්‍රීඩකයින්ට ටෙස්ට් දොරටු විවෘත වීමත් පුහුණුකරැවනට කණ්ඩායම පහසුවෙන් තේරීමට සියයක සංවිතයක් තිබීමත් වැනි කරැණු රැසක්ම ඉටුවේ.
බන්දුල මොල්ලිගොඩ
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-