තෙවන ටෙස්ට් තරගය බ්‍රහස්පතින්දා

- srilankacricket.lk

Thanathillen Pita1

ජොහානස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගනයේ දී මේ මස 12 – 16 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන හා අවසාන පස්දින ටෙස්ට් තරගයේ දී පසුගිය දා ලත් පරාජයන් දෙක සම්පූර්ණයෙන් ම අමතක කර තෙවන ටෙස්ට් තරගයේ වැඩි ගෞරවයන් අත්කර ගැනීම අරමුණ විය යුතුවේ.

Sri Lanka bowler Lahiru Kumara (3rdR) celebrates the dismissal of South African batsman JP Duminy (L) during the second Test between South Africa and Sri Lanka on January 2, 2017 at Newlands Cricket Stadium in Cape Town, South Afric / AFP PHOTO / GIANLUIGI GUERCIA

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම පිළිබඳ ව සෑහිමකට පත්විය හැකි නමුදු තෙවැනි තරගයේ දී පිතිකරණයේ දී විශාල පෙරළියක් අත්‍යවශ්‍යය.  මෙහි දී ඉදිරි පෙළ පිතිකරුවන් නිදැල්ලේ හැරිය යුතු පන්දුව අතර හැරීම ඉතාමත්ම වැදගත්ය.  පළමුවන හා දෙවන ටෙස්ට් තරග දෙකේ දී ම ලංකා පිතිකරුවන් පෙන්වූයේ මේ දුර්වලතාවයයි.  ශ්‍රි ලංකා සාර්ථකත්වයට මේ පිතිකරුවන් දීර්ඝ වේලවක් කඩුල්ලේ රැඳී සිටීම ද අත්‍යවශ්‍ය කරුණකි.  මේ තරගය අඩුම තරමින් ජය පැරදුමකින් තොරව හෝ කෙළවර කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ.

දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ඇබට් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන හෙයින් ඩුඅනි ඔලිවර් ඔහු වෙනුවට කණ්ඩායමට එක්කර සිටී.  තුන්වන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකා කණ්ඩායමේ සහ ශ්‍රි ලංකාවේ වෙනස්කම් කිහිපයක් සිදුවෙතැයි අපේක්ෂිතය.

ශ්‍රි ලංකා කණ්ඩායමට මෙම අවසාන තරගයේ දස්කම් පෙන්වීමට නම් ශතක අර්ධ ශතක කිහිපයක් අත්‍යවශය වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමත් දකුණු අප්‍රිකා තරගාවලියක

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට හා දකුණු අප්‍රිකාව සමග එක්දින තරග තුනකට සහභාගි වීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණාඩයම ඉරිදා (ජනවාරි 8) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.

මේ තරගාවලියට දකුණු අප්‍රිකානු අවුරුදු 20න් පහළ කණ්ඩායම සහභාගි වන අතර, ශ්‍රී ලංකාව ද ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් පස් දෙනෙකු ඇතුළත් කර තිබේ.  අවිශ්ක ප්‍රනාන්දු ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, කවිඳු මෙන්ඩිස් උප නායකයා ලෙසත් ක්‍රියා කරති.  මොවුන් දෙදෙනාට අමතරව මීට පෙර ලංකා 19න් පහළ පිල නියෝජනය කර ඇති පැතුම් නිශ්ශංක, ෂම්මු අශාන් හා මනිල්ක ද සිල්වා කණ්ඩායමට ඇතුළත්ය.

තුන්කොන් තරගාවලියට සහභාගි වන අනෙක් කණ්ඩායම සිම්බාබ්වේ ය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය 15 වැනිදා පැවැත්වේ.  ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරග තුන ඇරඹෙන්නේ පෙබරවාරි 01 වැනිදාය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ රෝයි ඩයස්ය.

දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය කණ්ඩායමට ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වූ අතර,  ඉන් 5ක් ම වේග පන්දු යවන්නන් වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙසේය.

අවිශ්ක ප්‍රනාන්දු (නායක), කවිඳු මෙන්ඩිස් (උප නායක), විශ්ව චතුරංග, රෙවාන් කෙලී, අෂේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, ෂම්මු අෂාන්, ජෙහාන් ඩැනියල්, ඔනිල්ක ද සිල්වා, මිසේන් සිල්වා, තිසරු රශ්මික, නිපුන් රන්සික, ප්‍රවීන් ජයවික්‍රම, හරින් බුද්ධික, ක්‍රිෂාන් සංජුල.

  • පැරණි ක්‍රිකට් ක්‍රීඩකයනට ආධාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සහ 1996 ලෝක ක්‍රිකට් කුසලාන දිනූ ක්‍රීඩකයන් එක් ව පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඇති අතර, ආර්ථික අපහසුතාවලට මුහුණ පා සිටින, අසරණ තත්ත්වයට පත්වන හිටපු ක්‍රීඩකයනට මෙමගින් මුදල් ආධාර සැපයේ.

මෙම අරමුදල ආරම්භ කර ඇත්තේ රුපියල් ලක්ෂ 40ක මුදලකිනි.  මෙම අරමුදලින් පසුගිය දා හිටපු ක්‍රීඩකයන් වන ඩී. ජේ. සමරසේකරට රුපියල් ලක්ෂ 2ක් ද රසල් හාමර්ට රුපියල්        ලක්ෂ 2 ½ක් ද පිරිනැමිණි.  සෞඛ්‍යය හා වෙනත් අවශ්‍යතා මත ප්‍රමුඛතා ලැයිස්තුවකින් මෙහි මුදල් ප්‍රදානය වේ.

  • සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට්

මාතර ශාන්ත තෝමස් විදුහලේ රමිඳ ප්‍රමිනාත් මේ පාසල් ක්‍රිකට් වාරයේ සති අන්තයේ පැවැති තරගයක දී  පිළියන්දල මැදි විදුහල සමග පන්දු 170ක දී ලකුණු 216ක් රැස් කළේය.  මොහුගේ ද්විත්ව ශතකයට හතරේ පහර 33ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.    මේ අතර ශාන්ත සෙබන්තියන් විදුහල ලකුණු 62කින් මැසිනඩ් විදුහල පරාජය කළේය.  ශාන්ත සෙබස්තියන් 139යි සහ 193යි ද මැසිනඩ් 120යි සහ 151යි.

  • අන්තර සමාජ ක්‍රිකට්

එස්.එස්. සී ක්‍රිකට් කණ්ඩායම කඩුලු 10කින් බදුරලිය ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය.  ෂම්මු අෂාන් ලකුණු 95ක් ලැබූ අතර වැන්ඩසේ 44ට කඩුලු 6ක් දවාලීය.   එස්. එස්. සී. මුල් ඉනි 347යි දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 39යි.   බදුරලිය ක්‍රීඩා සමාජය මුල් ඉනිම 143යි දෙවන ඉනිම 237යි.

–  බන්දුල මොල්ලිගොඩ  –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc