How can Sri Lankan charities find international donors and partners?

දක්ෂ උඩපන්දු රැකීම තරග ජය ගෙන දෙයි

- srilankacricket.lk

Thanathillen Pita1

(කැචස් වින් මැචස්) දක්ෂ ලෙස උඩ පන්දු රැකීම කණ්ඩායමකට ජය ගෙන එන බව ප්‍රබල ඉංග්‍රීසි කියමනක් පවතී.  දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසි (105) සහ ඩේවිඩ් මිලර් (නොදැවී 117) අර්ධ ශතක ලබා සිටිය දී දුන් උඩපන්දු ලංකා පන්දු රකින්නන් අත හැරීමත් ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග දුන් අසීරු උඩපන්දු දෙකක් දකුණු අප්‍රිකානුවන් විශිෂ්ඨ ලෙස රැක ගැනීමත් දෙවැනි එක්දින තරගයෙන්ද දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ජයක් හිමිකර ගැනීමට බෙහෙවින් දායක විණි.   දක්ෂ පිතිකරුවන් උඩපන්දුව අතහැරීම පරාජයට අතවැනීමකි.

Sri Lanka's  Suranga Lakmal dives to save a boundary during the second One Day International cricket match between South Africa and Sri Lanka at Kingsmead cricket ground on February 1, 2017 in Durban, South Africa.  / AFP PHOTO / ANESH DEBIKY

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර 50 දී කඩුලු 6ක ට ලබාගත් ලකුණු 307ක සංඛ්‍යාව රාත්‍රියේ හඹායාම දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල පන්දු යවන්නන් හා පන්දු රකින්නන් හමුවේ අසීරු කාර්යයක් වී ශ්‍රී ලංකාව ඕවර 37.5ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ 186කි.  කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීම දකුණු අප්‍රිකානුවන්ට පැවරීමෙන් පසු ඔවුනගේ ප්‍රබලම කඩුලු 4ක් ලකුණු 107ක ට දැවී ගියහ.  මේ වන විට ලක්ෂාන් සඳකැන්  හොඳින්ම පන්දු යවමින් සිටි අතර දකුණු අප්‍රිකා  ඉනිම ආරක්ෂා කර ගනිමින් සිටියේ ඩුප්ලෙසි පමණි.  ලකුණු පුවරුවේ ලකුණු 108ක ට කඩුලු 4ක් බිඳ වැටී තිබිය දී සඳකැන්ගේ පන්දුවකට ලකුණු 63ක් ලබාසිටි ඩුප්ලෙසි දුන් ඉතාමත් පහසු උඩපන්දුව ස්ලිප් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අල්ලාගත හැකි නොවීය.  මේ වන විට ලංකා පන්දු යවන්නන් හා පන්දු රකින්නන් හොඳින් ක්‍රීඩා කරමින් සිටි අතර ඩුප්ලෙසි දවා ගැනීමට අවස්ථාව උදා වුවානම් මීට වඩා අඩු ජයග්‍රාහි ඉලක්කයක් කරා යාමට ලංකා පිලට අවස්ථාව තිබිණි.

පසුව ඩුප්ලෙසි සහ ඩේවිඩ් මිලර් පස්වන කඩුල්ලට වාර්තාගත ලකුණු 117ක් රැස් කරමින් විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාකර දුන්හ.  කුලසේකර යැවු තරගයේ අවසාන ඕවරයේ දී ලකුණු 20ක් ද ලබා ගැනීමෙන් දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 300 ඉක්මවීමට අවස්ථාව උදාවිණි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නිරෝෂන් දික්වැල්ල දුන් අසීරු උඩපන්දුවක් ඩුප්ලෙසි රැකගත් ආකාරයත් නායක උපුල් තරංග දුන් අසීරු උඩපන්දුව ඩි විලියර්ස් රැකගත් ආකාරයත් විශිෂ්ටය.  මේ පිතිකරුවන් දෙදෙනා හත්වන ඕවරය වන විට ලක්ණු 45ක් ලබා ප්‍රබල ආරම්භයක් ගත්තද දක්ෂ උඩපන්දු රැකීමෙන් එම ඉනිම නිමාවට පත්විය.

පසුගිය සෙසුරාදා පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ද දකුණු අප්‍රිකාව කඩුලු 8කින් ජය ගැනීම මත දැනට ඔවුන් තරග 2 – 0කින් ඉදිරියෙන් සිටි.  තෙවන තරගය 4 වැනිදා ජොහානස් බර්ග් හි පැවැත්වේ.

දෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵල

දකුණු අප්‍රිකාව ඕවර 50ක දී කඩුලු 6ට 307යි.  ලක්මාල් 54ට 2යි. පතිරණ 19ට 1යි.   ශ්‍රී ලංකාව ඕවර 37.5 දි 186යි.  චන්දිමාල් 36, අසේල ගුණරත්න 18යි, සචිත් පතිරණ 26, කුසල් මෙන්ඩිස් 20, දික්වැල්ල 25, උපුල් තරංග 26, පානෙල් 34ට 2, තහීර් 26ට 2යි, තරගයේ වීරයා ඩුප්ලෙසි.

  • තුන්කොන් එක්දින සූරතාව ලංකා යොවුන් පිලට

එංගලන්තයේ දී 2016 වසරේ දී එංගලන්ත පිල ටෙස්ට් හා එක්දින තරගාවලියෙන් පරාජයට පත්කළ ශ්‍රි ලංකා යොවුන් (19න් පහළ) ක්‍රිකට් කණ්ඩායම මෙවර දකුණු අප්‍රිකා සංචාරයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරදා සූරතාව දිනා ගනිමින් තම දක්ෂතා නැවත වතාවක් තහවුරු කර පෙන්වීය.

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ යන රටවල් සහභාගි වු මේ තුන්කොන් තරගාවලියේ අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම මුල් වටයේදී සිම්බාබ්ව සමග එක්දින තරග තුනම ජයගත් අතර දකුණු අප්‍රිකාවට එම තරග තුනම පරාජය විය.  එහෙත් අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 44.5 දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 156ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ඕවර 32.4ක දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 79කි.  අවසාන තරගයේ දී නිපුන් රංශික ලකුණු 19ක ට කඩුලු 5ක් දවාලු අතර ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණු 20ක් ද ලකුණු 13ක ට කඩුලු 2ක් ද දවා දස්කම් පෑහ.

මේ තරගාවලිය පුරාම නායක අවිශ්ක ප්‍රනාන්දු උපනායක කමිඳු මෙන්ඩිස් විශ්ව චතුරංග ක්‍රිෂාන් සංජුල අසේල බණ්ඩාර ප්‍රවීන් ජයවික්‍රම නිපුන් රංශික දස්කම් පෑහ.  රංශිකගේ පන්දු යැවීම පිළිබඳව අදහස් දැක් වූ වේගපන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් කීවේ අපගේ අනාගත බලාපොරොත්තුවක් වන නිපුන් රංශික හොඳින් රැකබලා ගතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ප්‍රබල දායකත්වයක් මොහුගෙන් ලැබෙනු නියත බවය.  රශ්මික තවමත් 17 වියෙහි පසුවේ.

අවසාන තරගයේ ප්‍රතිඵලය

ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 44.5 දී සියලු දෙනා දැවී ලකුණු 156යි.  ෂම්මු අශාන්  16යි.  ක්‍රිෂාන් සංජුල 15යි.  ස්වාර්ඩ්ට් 30ට 3 ස්මිත් 29ට 2 දකුණු අප්‍රිකා යොවුන් පිල ඕවර 32.4 දී 79යි.  නිපුන් රංශික 19ට 5යි බුද්ධිල 5ට 2යි ජයවික්‍රම 13ට 2යි

  • මාතර ශාන්ත තෝමස් විදුහලේ රමින්ද ප්‍රවිනාත් දෙවැනි ද්විත්ව ශතය ලබයි.

මේ පාසල් ක්‍රිකට් වාරයේ දී මාතර ශාන්ත තෝමස් විදුහලේ රමින්ද ප්‍රවිනාත් තම දෙවැනි ද්විත්ව ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි.  පිළියන්දල මැදි විදුහල සමග ලකුණු 216ක් ලැබූ රමින්ද මෙවර කරන්දෙණිය මැදි විදුහල සමග ලකුණු 201ක් ලැබුයේ පන්දු 212ක දී හතරේ පහර 22ක් හා හයේ පහරක් සමගිනි.   කෙසේ වුවද එම තරගය ජය පැරදුමින් තොරව කෙළවර විය.

එම තරගයේ දී තරිඳු කාවින්ද නොදැවී 118 (මාතර සා. තෝමස්) හා  දිමුත් සඳරුවන් 113 (කරන්දෙනිය ම. වි.)  ශතක ලැබූහ.

රාජකීය – වෙස්ලි තරගයේ දී රාජකීය විදුහලේ පසිඳු සුරිය බණ්ඩාර 138ක් රැස්කළ අතර වෙස්ලි විදුහලේ ෂෙනාල් දංගල්ල ලකුණු 86ට කඩුලු 5ක් දවාලුවේය.  එම තරගයද ජය පරාජයෙන් තොරවිය.  ශාන්ත තෝමස් ශාන්ත ජෝසප් හා ශාන්ත පීතර ධර්මරාජ ජය පැරදුමකින් තොරව කෙළවර විය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- onlanka.com

State revenue of Sri Lanka has reached an impressive Rs. 834 billion in the first quarter of this year, State Minister of Finance, Ranjith Siyambalapitiya announced on Thursday (April 25).The post Sri Lanka’s state revenue surges to record Rs. 834 Billion in first quarter 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Five individuals including Ven. Ulapane Sumangala Thero who were remanded over the charges of obstructing the duties of public officials, have been granted bail.

- adaderana.lk

The Court of Appeal has deferred the verdict on the bail request made by the Director of Medical Supplies Division (MSD) Dr. Kapila Wickramanayake.

- adaderana.lk

The Colombo High Court on Friday (26) fixed a date for the hearing of the case filed against the notorious criminal figure and drug trafficker Nadun Chinthaka alias ÂHarak Kata over his failed escape attempt from the Criminal Investigation Department (CID).

- onlanka.com

An army soldier died and nine others were injured after a lorry collided with an army cab at Vasanth Nagar in Mankulam early this morning (April 26).The post Army soldier killed, 9 injured in Mankulam cab-lorry collision appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

The Colombo Magistrate s Court has ordered the Criminal Investigations Department (CID) to expedite the probes related to the X-Press Pearl maritime disaster.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc