දකුණු අප්‍රිකා සංචාරයේ ආවර්ජනයක්

- srilankacricket.lk

Thanathillen Pita1

දකුණු අප්‍රිකාවේ සෙන්චරියන්හි පසුගිය සෙනසුරාදා (10) පැවැති දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා අවසාන හා පස්වන එක්දින තරගාවලියෙන් ද දකුණු අප්‍රිකාව ලකුණු 88කින් ශ්‍රි ලංකාව පරාජයට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචාරය නිමාවට පත්වූයේ දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය 3 – 0 කින් හා එක්දින සීමිත ඕවර 50 තරගාවලිය 5 – 0 කින් ජයගනිමිනි.   ශ්‍රී ලංකාවට ජය හිමිවූයේ 20 – 20 තරගාවලිය තරග 2 – 1කිනි.

Sri Lanka's players celebrate after the dismissal of South Africa's batsman Hashim Amla (not pictured) during the One Day International (ODI) cricket match between Sri Lanka and South Africa, on February 07, 2017, in Cape Town.  / AFP PHOTO / RODGER BOSCH

මේ සංචාරයේ දී දකුණු අප්‍රිකාව 20 – 20 තරගාවලියට හැර සෙසු තරගාවලි දෙකටම ඉදිරිපත් කළේ තමන් සතු ස්ථීර දක්ෂම ක්‍රීඩකයන් එකොළොස් දෙනාය.  එවැනි ක්‍රීඩකයන් කාලයක්ම ශ්‍රී ලංකාව ද සතු වුවත් ඔවුන් රැසක් විශ්‍රාම ගොස් දැනට පසු වන්නේ එවැනි කණ්ඩායමක් සකස් කරන පසුබිමක් සහිත වකවානුවකය.  ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අවසානයේ නැවත වතාවක් දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන අතර, ඒ වන විට අපට එවැනි ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ අතර පැවැත්වෙන ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ (ප්‍රිමියර් ලීග්) හොඳින්ම දස්කම් පාන ක්‍රීඩකයන් ලංකා කණ්ඩායමට ඇතුළත් කර ක්‍රීඩා කිරීමෙන් විපුල ප්‍රොයෝජන ගත හැකි බව දකුණු අප්‍රිකාවේ නොබෝදා පැවැති තරගාවලියේ දී මැනවින් ඔප්පු විණි.  ඊට හොඳම උදාහරණ නිරෝෂන් දික්වැල්ල හා අසේල ගුණරත්නය.  ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියේ ඉදිරියෙන්ම සිටි මොවුන්ට දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලිය අහිමි වුවද එක්දින හා 20 – 20 තරගාවලියේ දී හොඳින්ම දස්කම් පෑ ක්‍රීඩකයන් දෙතුන් දෙනාට මොවුන් ඇතුළත් විය.  මොවුන් දක්ෂ සීමිත ඕවර තරගවලට පමණයැයි කිසිවෙකු තර්ක කළහොත් ඉන් ඵලක් නොමැති වන්නේ දින ගණන් පැවැත්වෙන තරගවලදී ඔවුන් ශ්‍රී ලංකාවේ හොඳින්ම දස්කම් පෙන්වා ඇති හෙයිනි.   මෙවැනි දෙයින් අපට ඉදිරියේ ගත හැකි පාඩම් බොහෝය.

සෙනසුරාදා නිමාවට පත් වූ එක්දින සීමිත ඕවර 50 තරගාවලියේ මුල්ම තරග තුනේ දී ම ලංකා කණ්ඩායම විශාල පරාජයන්ට මුහුණ දුන්නත් අවසන් තරග දෙකේ දී ප්‍රතිවාදීනව තරගයක් ලබා දීමට හැකිවීම සතුටට කරුණකි.  ඊට ප්‍රධාන හේතුවූයේ ලංකා පිතිකරුවන් අවසාන තරග දෙකේ දී ලකුණු අතරට පිවිසීමයි.  මොවුන් අතුරින් දස්කම් පෑ දික්වැල්ල ගුණරත්න හා පතිරණට ගිය වසර මුල දී ලංකා කණ්ඩායමේ නිත්‍ය ස්ථාන නොතිබූ අතර, ඉදිරියේ දී අපට ඔවුන්ගේ වැඩියමක් බලාපොරොත්තු විය හැකියි.  සෙනසුරාදා පැවැති පස්වන එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඩිකොක් (109) සහ හසිම් අම්ලා (154) මුල් විකට්ටුවට ලකුණු 187ක් රැස් කිරීමෙන් දකුණු අප්‍රිකාවට ඕවර 50 නිමා වන විට කඩුලු 6ක ට ලකුණු 384ක් වැනි විශාල සංඛාවකට යාමට අවස්ථාව උදාවිණි.  ශ්‍රී ලංකාව ද වේගවත් ආරම්භයක් ලබාගත්තත් ලකුණු 55 කඩුලු 3ක් බිඳ වැටීමෙන් වේගය අඩාල විය.  ශ්‍රී ලංකා හයවන කඩුල්ලට ගුණරත්න හා සචිත් පතිරණ (56) ලකුණු 97ක් ද නවවන කඩුල්ලට ගුණරත්න (නොදැවී 114) හා සුරංග ලක්මාල් (නොදැවී 20) පන්දු 67 ක දී නොබිඳුණු 97ක සබඳතාවයක් ද මත ලංකා පිලට ඕවර 50 නිමවන විට කඩුලු 8ක ට 296ක් වැනි සංඛ්‍යාවකට යාමට අවස්ථාව ලැබිණි.  අසේල ගුණරත්න නොදැවී 117 ලැබුවේ පන්දු 114ක දී හයේ දෙකක් හා හතරේ 14ක් සමගය.  ඔහු පළමු අර්ධ ශතකය පන්දු 81ක දීත් දෙවන අර්ධ ශතකය පන්දු 25ක දීත් ලැබීය.  සචිත් පතිරණ තම ප්‍රථම අර්ධ ශතකය ලැබුවේ පන්දු 51ක දීය.  මේ අතර හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් හා නිලධාරින් පවසන්නේ ශ්‍රි ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව වැනි සංචාරවලට පෙර එම දේශගුණික හා වේග තණතිලිවලට කළකට පෙරම සූදානම් විය යුතු බවය.  අතීතයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී අසාර්ථක වී තිබෙනවා.  එහි තණතිලිවලට හුරුවන විට අපි පරක්කු වැඩියි.  එහෙත් අපගේ ක්‍රීඩකයන් ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජනනොගැනීම පිළිගැනීමට අපහසු යැයි ද ඔවුහු පවසති.

ආසියානු කලාපයේ අපට හුරුපුරුදු තණතිලිවලින් පිටත තණතිලිවල හොඳින් ක්‍රීඩා කිරීමට අපට හැකියාවක් තිබිය යුතුයි.  නැතිනම් අහන්න වන්නේ අපට දිනන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දී පමණයි නැතිනම් ආසියාවේදී පමණයි යන්න පමණෙකි.  දකුණු අප්‍රිකාවේ තරග පරාජයන්ට කාටවත් බැනීමෙන් හෝ නිදහසට කරුණු කීමෙන් ඵලක් නැහැ.  අපේ අන්තර් සමාජ තරගවටාවට බැනීමෙන් ද ප්‍රතිඵලයක් නෑ.  දක්ෂ ක්‍රීඩකය වෙනම පුහුණු කිරීමේ වැඩසටහනක් වඩා ප්‍රයෝජනවේවී.  කුසල් මෙන්ඩිස් වැනි තරුණ ක්‍රීඩකයන් එංගලන්තයට යවා පුහුණු කිරීමෙන් පසු ඔහු එංගලන්ත සංචාරයේ දී හොඳින් දස්කම් පෙන්වූවා.  අනෙක් තරුණ ක්‍රීඩකයන්ටත් එවැනි පුහුණුවක් අවශ්‍යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් පවසන්නේ තරුණ ක්‍රීඩකයන් විශේෂයෙන්ම අවුරුදු  19න් පහළ වැනි ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාව වැනි රටවලට ගෙන්වා තරගවැදීමට සැලැස්වීමෙන් ඔවුන් මේ රටවල තණතිලිවලට හා දේශගුණික තත්ත්වයන්ට කලින් ම හුරුපුරුදු වන බවය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශේෂයෙන් ම එංගලන්තයේ දී දස්කම් දක්වන්නේ අපගේ ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවන් හි එම තණතිලිවල හා දේශගුණික තත්ත්වයේ ක්‍රීඩාකර තිබීම මත යැයි තවත් පිරිසක් කියති.තවත් විශේෂම කරුණක් වන්නේ තමන් පෙන්වන දක්ෂතාවලට අමතරව විශේෂ වූ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් දැන් බිහිනොවීමයි.  එවැනි ක්‍රීඩකයන් අතීතයේ දී ඕනෑතරම් බිහිවූවත් අද එවැනි තත්ත්වයක් නෑ.  එවැනි අය ඉදිරියට ආවේ අපගේ පාසල් හා අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියන් තුළිනුයි.  අදත් අපට මෙය ක්‍රියාත්මක කළ හැකියි.  තරග දිනා දෙන විශිෂ්ඨ ක්‍රීඩකයන් අපට අවශ්‍යයි.  අපට දක්ෂතා තිබෙන ක්‍රීඩකයන් සිටිනවා.  ඒත් ඔවුන් පීඩනයට මුහුණදීමට පුරුදුවිය යුතුයි.  පීඩනයට හුරු නොවී ක්‍රිකට් ගැසීමට නොහැකියි.  අපේ හොඳම ක්‍රීඩකයන් විශ්‍රාමගත් පසු චන්දිමාල් තිරිමාන්න කෙරෙහි අපි විශ්වාසය තැබුවත් ඉන් බලාපොරොත්තු වූ ප්‍රයෝජන ලැබුනේ නෑ.  උපුල් තරංග ඉතාමත් හොඳ කාර්යයක් ඉටු කරනවා.  අපි ඔහුව සුබ පතමු.

– බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

- colombogazette.com

A soldier of the Sri Lanka Army was killed and 9 others sustained injuries following an accident in Mankulam, in the North, Friday. The Police said the accident involved a lorry and an army vehicle. The lorry had crashed into the army vehicle which was transporting a group of soldiers. The soldiers were admitted to […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc