පාසල් සිසුන් දෙදෙනෙකු දිනක් තුළදී ද්විත්ව ශතක දෙකක් වාර්තා කරති
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු දිනක් තුළ ද්විත්ව ශතක දෙකක වාර්තා කිරීමේ සුලභ සිද්ධියක් සති අන්තයේ මාදම්පේ නගරයෙන් වාර්තාවේ. මාදම්ප මධ්‍ය මහ විදුහල සමග තරගයේ දී දෙහිවල සාස්ත්‍රානන්ද විදුහලේ රුවන් ලක්ෂාන් හා ඉසුරු චාමර මෙලෙස ද්විත්ව ශතක වාර්තා කළහ. ලක්ෂාන් පන්දු 168 ක දී හතරේ පහර 35ක් හා හයේ පහර 13 ක් සමග ලකුණු 237ක් රැස් කරද්දී චාමර ලකුණු 237 රැස්කළේ හතරේ 28 හයේ නවයක් සමග පන්දු 160 ක දීය. මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට එක්කල ලකුණු ප්‍රමාණය 201කි. මේ අතර වේලස් කුමාර විදුහල ඉනිමකින් හා ලකුණු 16කි න් වෙස්ලි විදුහල පරාජය කළ අතර බම්බලපිටිය ශාන්ත පීතර කඩුලු 8කින් සාන්ත බෙනඩික්ට් පැරදවීය. රත්ගම දේවපතිරාජ විදුහල හලාවත ශාන්ත මේරි කඩුලු 6කින් ද ගම්පහ බණ්ඩාරනායක විදුහල ලකුණු 84කින් වෙන්නප්පුව ජෝශප් වාස් ද පරාජය කළේ ය. ආනන්දයේ කවිශ්ක අංජුල ලකුණු 105ක් ශාන්ත පීතර විදුහලේ සන්තූස් ගුණතිලක නොදැවී 133ක් හලාවත ශාන්ත මේරි විදුහලේ ෂෙෂාන් දිල්ෂාන් 107ක් ලැබීමත් ශාන්ත ජෝශප් විදුහලේ හරීන් කුරේ ලකුණු 46කට කඩුලු දහයක් ලැබීමත් විශේෂ සිදුවීම්ය.
- මොරටුවේ දී වේලස් කුමාර ඉනිමකින් සහ ලකුණු 16කින් වෙස්ලි පරාජය කරයි. වෙස්ලි මුල් ඉනිම 165යි. හසිත පෙරේරා 39, රුචික දංගල්ල 29, තිලාන් නිමේෂ්47ට 5යි, ටී ප්‍රනාන්දු 32ට වේල්ස් කුමාර කඩුලු 8ට 269යි. සනෝජ් දර්ශික 78, සඳුන් ප්‍රනාන්දු 56, රුචික දංගල්ල 67ට 3. වෙස්ලි දෙවන ඉනිම 88යි. හසිත් පෙරේරා 49, සවිඳු පීරිස් 6ට 2, ටී. ප්‍රනාන්දු 17ට 2, නිමේෂ් 31ට 2.
- කොටහේනේ දී බම්බලපිටිය ශාන්ත පීතර කඩුලු 8කින් ශාන්ත බෙනඩික්ටට් පරාජය කරයි. සාන්ත පීතර මුල් ඉනිම කඩුලු 6ට සන්තූෂ් ගුණතිලක නොදැවී 133. ඒ. පෙරේරා 58, එල්. රුද්‍රිගෝ 58, කේ. ජයතිලක 60ට 2. සාන්ත බෙනඩික්ට් මුල් ඉනිම 167. මහේෂ් තීක්ෂණ 62, කවීෂ ජයතිලක නොදැවී 33, චතුර ඔබේසේකර 41ට 5. සාන්ත බෙනඩික්ට් දෙවන ඉනිම 199යි. චමිඳු විජේසිංහ 91, මහේෂ් තීක්ෂණ 48, සචින් සිල්වා 22ට 3, එම්. ද සිල්වා 48ට 3. සාන්ත පීතර දෙවන ඉනිම කඩුලු 2ට 65. ලක්ෂිණ රුද්‍රිගෝ නොදැවී 31යි.
- රත්ගම දේවපතිරාජ කඩුලු 6කින් හලාවත ශාන්ත මේරි පරාජය කරයි. ශාන්ත මේරි මුල් ඉනිම ෂෙෂාන් දිල්ෂාන් 107, නිලුෂාන් ජයශංඛ 90, සී. තරිඳු 55, ජීවක ශෂීන් 78 ට 3, රවින් යසස් 26 ට 2. දේවපතිරාජ මුල් ඉනිම 270. අවිශ්ක චේනුක 111, තිසර 40, රවින් යසස් 38, ෂෙෂාන් ඩිල්ෂාන් 57ට 2, චාරුක තරිඳු 29 ට3, ෂෙනුක ප්‍රනාන්දු 22 ට3. ශාන්ත මේරි දෙවන ඉනිම 104. වී සුදත් 30, අෂේන් දිල්ෂාන් 31, සසිඳු සත්සර 39ට 5, රවීන් යසස් 48 ට 5. දේවපතිරාජ දෙවන ඉනිම කඩුලු 4 ට 157. අවිශ්ක චේනුක 58, පවන් සංදේශ් නොදැවී 40, ඩී. අනුරසිරි 41 ට 2, ඒ. ඩිල්ෂාන් 67 ට2.
- ආනන්ද මාවතේ දී ආනන්ද – ධර්මරාජ ජය පරාජය නෑ. ආනන්ද කඩුලු 8ට 335යි. කවිශ්ක අංජුල 105යි, අසේල සිගේරා 93, සුපුන් වරාගොඩ 57, ගිහාන් විතාරණ 141 ට 5, නවිඳු දිල්ෂාන් 35 ට ධර්මරාජ මුල් ඉනිම 123. සචින්ත සේනානායක 43, ඩී. ගුණසිංහ 40, දිලීප ජයලත් 9 ට 2, සුරවීර 15 ට 2. ධර්මරාජ දෙවන ඉනිම කඩුලු 7ට 267. නිවන්ත හේරත් 148. සචින්ත සේනානායක 71, සුපුන් වරාගොඩ 43 ට 3.
- කටුගස්තොට දී සාන්ත අන්තෝනි – සාන්ත ජෝශප් ජය පරාජ නෑ. සාන්ත අන්තෝනි මුල් ඉනිම 176 ඩියොන් ස්ටවුවර් 32, නිපුන් අශෝක් 26, හරින් කුරේ 45ට 5, නිපුන් සුමනසිංහ 26ට සාන්ත ජෝශප් මුල් ඉනිම 127 දිනෙත් මදුරවෙල 54, සඳරුවන් ධර්මරත්න 39ට 5, විරාජිත ජයසිංහ 34ට 4. සාන්ත අන්තෝනි දෙවන ඉනිම 128 මොහොමඩ් අල්ෆාර් 60, හරින් කුරේ 41ට 5, නිපුන් සුමනසිංහ 20ට 3. සාන්ත ජෝශප් දෙවන ඉනිම කඩුලු 8 ට 122 දිනෙත් ජයකොඩි 31, සඳරුවන් ධර්මරත්න 47ට 4.
- ත්‍රිත්ව – ඉසිපතන අස්ගිරියේ දී ජය පරාජ නෑ. ත්‍රිත්ව මුල් ඉනිම 258 පී. වනිගසේකර 52, ටී. භානුභෝගන් 47, චානක බණ්ඩාර 46, ළහිරු වීරරත්න 40ට 3, එල්. වීනාත් 68 ට ඉසිපතන මුල් ඉනිම 290 සංජුල අබේවික්‍රම 76, අයන සිරිවර්ධන 54, පැතුම් නිශ්ශංක 50, විමුක්ති නෙතුමාල් 58ට 5, ෂන්මුගනාදන් 41ට 3. ත්‍රිත්ව දෙවන ඉනිම 44ට 5යි. වීනාත් 9ට 2.
- ගම්පහ බණ්ඩාරනායක ලකුණු 88කින් වෙන්නප්පුව ජෝශප් වාස් පරාජය කළේ ය. බණ්ඩාරනායක ම.වි. මුල් ඉනිම එස්. අධිකාරි 58 එස්. මදනායක 32, නිපුන ධනංජය 45ට 5 ෂෙහාර රණතුංග 49ට 2. ජෝශප් වාස් මුල් ඉනිම 92යි. තිලාන් ප්‍රදීප්ත 33, අරෝෂ මධුශාන් 26ට 6. බණ්ඩාරනායක ම. වි. දෙවන ඉනිම 148. එච්. ජයවීර නොදැවී 58, එස්. අධිකාරි 24, එන්. ධනංජය 72ට 6යි. ජෝශප් වාස් දෙවන ඉනිම 130. අංජන රුක්මාල් 65, ඉෂාන් සඳරුවන් 25, හචින්ත නිමල් 29ට 6යි.
- මාතලේ සාන්ත තෝමස් – කුරුණෑගල සාන්ත ආනා ජය පාරජ නෑ. සාන්ත ආනා මුල් ඉනිම 277. ධනංජය බණ්ඩාර 61, ලක්ෂිත ද සිල්වා 49, සචිත ජයසේකර 40, සජිත් ද සිල්වා 37ට 5, වන්නිනායක 9 ට සාන්ත තෝමස් මාතලේ මුල් ඉනිම 150. මොහොමඩ් ඉස්මයිල 55, සජිත් ද සිල්වා 44, පියුමල් සිංහවංශ 48ට 5. පුබුදු ගනේගම 37ට 3. මාතලේ සාන්ත තෝමස් දෙවන ඉනිම කඩුලු 9ට 229යි. එල්. ජයසුන්දර 58, සජිත් ද සිල්වා 40, චතුකනිම්සර 30, මොහොමඩ් ඉස්මයිල් 20, කවිඳු රණසිංහ 52 ට 5, පී. සිංහවංශ 46ට 2.
- සිරිපියරතන පාදුක්ක කළුතර සිරිකුරුස ජය සරාජ නෑ.
සිරිපියරතන මුල් ඉනිම 199යි. ප්‍රභාෂ් මධුරංග 81, නදීර මධුවන්ත 22ට 4, මලින්ද ජයෝද 57ට 4. සිරිකුරුස මුල් ඉනිම 130යි. මලින්ද ජයෝද 40, විහංග ගුණරත්න 29, දිමුත් සම්පත් 27ට 4, කවින්ද ඊශවර 47ට 4. සිරිකුරුස දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 101. පසිඳු පෙරේරා නොදැවී 55, විහංග ගුණරත්න නොදැවී 37.
- ශ්‍රී ධර්මාලෝක – සාන්ත සෙබස්තියන් ජය පරාජ නෑ.
ශ්‍රී ධර්මාලෝක මුල් ඉනිම 143. දෙවන ඉනිම කඩුලු 9ට 267. සාන්ත සෙබස්තියන් මුල් ඉනිම 111යි. දෙවන ඉනිම කඩුලු 9ට 154.
-බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-