ශ්‍රී ලංකා කාන්තා පිල සුපර් සික්ස් වටයට
මීළඟ කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට හා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු කුසලාන ලෝක තරගාවලියට සහභාගි වන කණ්ඩායම් තේරීම් සඳහා මේ දිනවල ශ්‍රි ලංකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයට තේරීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටී.
මේ තරගාවලිය ‘ඒ’ කොටසට ඉන්දියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ හා තායිලන්තයත් ‘බී’ කොටසට දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය හා පැපුවානිව්ගිනියාවත් අයත් වූහ.
මූලික වටයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වී අයර්ලන්තය, සිම්බාබ්වේහා තායිලන්තය සමග තරග ජය ගත්තේය. ‘ඒ’ කොටසෙන් ඉන්දියාවත් ‘බී’ කොටසෙන් දකුණු අප්‍රිකාවත් ඉදිරියෙන්ම සිටිමින් එම කණ්ඩායම් 2ක ලකුණු 6 බැගින් ලබා ඇත. ශ්‍රි ලංකාව හා පාකිස්ථානය ලකුණු 4 බැගින් ලබා 2 වන ස්ථානවල ද පසු වේ. සුපර් සික්ස් වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කොටසේ කණ්ඩායම් 3න සමගම තරග කරනු ඇත. කොටසකින් කණ්ඩායම බැගින් කොටස් දෙකෙන් කණ්ඩායම් 4ක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වේ.
ශ්‍රී ලංකාව 15 වන පාකිස්ථානය සමගත් 17 වැනි දා දකුණු අප්‍රිකාව සමගත් 19 වැනි දා බංග්ලාදේශය සමගත් තරග වදී. ශ්‍රී ලංකාව මුල්වටයේ සුපර්සික්ස් වටයට තේරීමෙන් ඉදිරි වසර හතර සඳහා ජගත් ක්‍රිකට් සමුළු ශ්‍රේණිගත කිරීමේ දී එක්දින ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට සුදුසුකම් ලබා ඇත. මෙවර තරගාවලිය ආරම්භයට පෙර ජගත් ක්‍රිකට් සමුළුව ලෝක කාන්තා තරගාවලියට සුදුසුකම් ලැබීමේ කණ්ඩායම් අතරින් විශේෂ වූ ක්‍රීඩිකාවන් දස දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කළ අතර, ඊට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුගේ නම ද ඇතුළත් විය. චමරි මීට පෙර ශතක දෙකක් ද ලකුණු 99ක් ද ලබා ඇත. ඇය ශතකයක් ලැබූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවයි.
ශ්‍රී ලංකාව සහභාගි වූ තරගයන් හි ප්‍රතිඵල :-
- ඉන්දියාව ලකුණු 114 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.
ඉන්දියාව ඕවර 50 දී කඩුලු 4ට 259යි. දේවිකා වෛද්‍යා 89යි. මිතාලිරාජ් නොදැවී 70යි. උදේශිකා ප්‍රබෝධනි 56ට 2යි. ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8ට 145යි.
චමරි අතපත්තු 30යි. හසිනි පෙරේරා 34යි. ඕෂට් 27ට 2යි. ගයක්වඩ් 19ට 2යි.
- ශ්‍රී ලංකාව ලකුණු 146කින් අයර්ලන්තය පරාජය කරයි.
ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8ට 239යි. ප්‍රසාදිනි වීරක්කොඩි 61 ඩිලනි මනෝදරා 53 ජොයිස් 39ට 4යි. අයර්ලන්තය ඕවර 36.1 දී සියලුදෙනා දැවී 93 ෂිලින්ටන් නොදැවී 36 ප්‍රියදර්ශනී 21ට 3යි. රණවීර 16ට 2යි. වීරක්කොඩි 37ට 2යි.
- ශ්‍රී ලංකාව කඩුලු 8කින් සිම්බාබ්වේ පරාජය කරයි.
සිම්බාබ්වේ ඕවර 50 දී 149යි. මුසෝන්ඩා 32 මාරංගේ නොදැවී 29යි. රණවීර 18ට 4යි. පොල්ගම්පල 21ට 2යි. අතපත්තු 21ට 2යි. ශ්‍රී ලංකාව ඕවර 36.5 දී කඩුලු 2ට 153යි.
චමරි අතපත්තු 58 චමරි පොල්ගම්පොළ නොදැවී 27 ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී 33 ෂුමා 31ට 2යි.
- ශ්‍රී ලංකාව කඩුලු 7කින් තායිලන්තය පරාජය කරයි.
තායිලන්තය ඕවර 50 දී කඩුලු 8ට 122යි. නටායා බුචානම් 50 ඉෂානි ලොකුසුරියගේ 15ට 2යි. ඉනෝකා රණවීර 619ට 2යි. ශ්‍රීපාලි වීරක්කොඩි 22ට 2යි. ශ්‍රී ලංකාව ඕවර 34.4 දී කඩුලු 3ට 123යි. චමරි පොල්ගම්පොළ 49යි. නිපුනි හංසිකා 38යි.
– බන්දුල මොල්ලිගොඩ –