How can Sri Lankan charities find international donors and partners?

කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට වඩා දස්කම් පෙන්විය යුතුමයි

- srilankacricket.lk

 

Thanathillen Pita1

එංගලන්තයේ හා වේල්සයේ මේ වසරේ ජුනි 24 සිට ජුලි 23 දක්වා පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු කුසලාන ජගත් ක්‍රිකට් තරගාවලියට දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා සිටියත් ලොව ප්‍රබලම කාන්තා කණ්ඩායම් සමග කරට කර සටන් කිරීමට නම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැනට වඩා ප්‍රබල තත්ත්වයකට ඉදිරියේ දී පත්වීම අනිවාර්යය කරුණකි.  ඊට හේතුව ලංකා කණ්ඩායම දැන් පසු වන්නේ මධ්‍යස්ථ තත්ත්වයක බැවිනි.

Sri Lanka womens team

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ නවතම සටහනේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුවන්නේ  අටවන ස්ථානයේ ය.  (ලකුණු 66යි) ඕස්ට්‍රේලියාව (129) එංගලන්තය (122) නවසීලන්තය (118) ඉන්දියාව (109) බටහිර ඉන්දීය කොදෙව් දූපත් (108) දකුණු අප්‍රිකාව (91) පාකිස්තානය (77) පිළිවෙලින් ප්‍රථම ස්ථානයේ සිට හත්වන ස්ථානය දක්වා අපට වඩා ඉදිරියෙන් සිටී.  ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින්නේ බංග්ලාදේශය (41) සහ අයර්ලන්තයයි (37) නොබෝදා ශ්‍රී ලංකාවේ පැවැති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මුල් වටයේ දී තරග 3ක් ද දෙවන වටයේ දී තරග දෙකක්ද ජය ගැනීම මත ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමස්ථාන දහයට ඇතුලුවීමේ භාග්‍ය උදා විණි.

මූලික වටයේ ජයග්‍රහණ ලබා සුපර් සික්ස් වටයේ දී ඉනෝකා රණවීරගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම පාකිස්තානය හා බංග්ලාදේශය පරාජය කරමින් ලෝක කුසලානය මේ තරගාවලියෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් හතර අතරට එක්විණි.  ජය ලැබූ  අනෙක් කණ්ඩායම් වූයේ ඩේන් වැන් නිකර්ක්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකාව මිතාලි රාජ්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව හා සානාමිර්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානයයි.  2014-16 වසරවල ජගත් ක්‍රිකට් සමුළු තරගාවලියන් හි දී ප්‍රථම ස්ථාන හතරට පත්ව සිටින ලෝක සූරියන් වන ඕස්ට්‍රේලියාව එංගලන්තය නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිරත්තරයෙන්ම 2017 තරගාවලියට සුදුසුකම් ලබා ඇත.  මේ කණ්ඩායම් අටම ජුනි මස 24 සිට ජුලි 23 දක්වා එංගලන්තයේ හා වේල්ස්යේ දී ප්‍රතිවාදී අනෙක් කණ්ඩායම් හත සමගම තරග වදිති.

ලංකා කණ්ඩායම මෙයට තෙමසක කාලයක් තුළ දක්ෂම කණ්ඩායම් දෙක වන ඕස්ට්‍රේලියාව හා එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ දී තරග වදින අතර එහි දී අප කණ්ඩායම පසු වූයේ දුර්වල තත්ත්වයකය.  මේ වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් නැංවීමේ අරමුණින් කාන්තා ක්‍රිකට් කලමනාකාරිත්වයේ හා පුහුණුවීම්වල යම් යම් වෙනස්කම් සිදු කිරීමෙන් පසු තරමක් දුරට කාන්තා කණ්ඩායමේ ඉදිරියට යාමක් දක්නට ලැබිණි.  එහෙත් ලෝක කුසලාන තරගාවලියේ දස්කම් පෑමට නම් අප කාන්තා කණ්ඩායම ඉදිරි මාස තුන ඇතුලත අනපේක්ෂිත විශේෂ වූ දක්ෂතා පෙන්විය යුතුවේ.  දක්ෂම පුහුණුකරුවන් ලබා පුහුණුව ලබාදීමක් වේගවත් තණතිලිවල ශීත දේශගුණයට ඔරොත්තු දීමටත් හුරුකළ යුතු අතර අනිවාර්යයෙන්ම ත්‍රෛමාසික නේවාසික පුහුණුවක් ලබාදීම ද යෝග්‍යය.

විශේෂයෙන්ම මළල ක්‍රීඩාවත් අනෙකුත් ක්‍රීඩා කිහිපයත් අනුගමනය කරන පුහුණුවීම්වල දී තමන්ට වඩා දක්ෂ පිරිමි ක්‍රීඩකයන් සමග තරග වැදීමේ ක්‍රමවලින් දක්ෂතා වැඩි කරගත හැකි වේ.  සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් ජයග්‍රහනයට පෙර මෙරට දී වේගවත් පිරිමි ක්‍රීඩකයන් සමග කරට කර දුවනු අප දැක තිබේ.  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිතිකාරිනියන්ට දක්ෂ වේගපන්දු හා දඟපන්දු යවන ක්‍රීඩකයනට මුහුණ දීමට සැලසීමත් පන්දු යවන්නියන්ට දක්ෂ පිතිකරුවන් වෙත පන්දු යැවීමට සැලැස්වීමත් දක්ෂතා වැඩිකර ගැනීමට හේතුවක් වනු ඇතැයි මාගේ පෞද්ගලික අදහසකි.   මේ සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලක සංචිතය හෝ භාවිතා කළ හැකිය.  කෙසේ වුවද ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය උසස් කිරීමේ කාර්යය අප ක්‍රිකට් පරිපාලනය වෙත පවරමු.  දැන් සිටින තත්ත්වයෙන්ම ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වුවහොත් අනිවාර්යෙන්ම අප කාන්තා කණ්ඩායමට හිමි වන්නේ හත්වන හෝ අටවන (අවසාන) ස්ථානයයි.  පාකිස්තානය හැරෙන්නට අනෙකුත් කණ්ඩායම් හයම එතරම් ප්‍රබලම තත්ත්වයක පසු වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භයට වඩා වත්මන් තත්ත්වය යහපත් වුවද අනෙක් කණ්ඩායම් හා සසඳන විට ඊට ඉහළ ස්ථානයක් ලබාදිය නොහැකිය.  ශ්‍රී ලංකා පිරිමි ටෙස්ට් එක්දින හෝ 20 – 20 කණ්ඩායමක් පිටියට බසින විට මොවුන් මොනවා කරාවිද යන්න ලොව ඕනෑම රටක් දැඩි අවධානයකින් හා මවිතව බලා සිටිති.  ඒ ඔවුන් එතරම් දක්ෂ යැයි සෙසු රටවල් පිළිගෙන ඇති හෙයිනි.  කාන්තා කණ්ඩායමට එකවරම විශ්ව කරුණ හෝ ඉන්ද්‍රජාල වැඩ කිරීමට නොහැකි වුවත් ප්‍රථම ස්ථාන තුන හතරට ඇතුළුවීමට ‍බෙහෙවින් අවකාශ තිබේ.

කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම (හතර පස් දෙනෙකු) දැනටමත් ජාත්‍යන්තර තත්ත්වයේ පසු වෙති.  සුදුසුකම් ලැබීමේ තරග ආරම්භයට පෙර ජගත් ක්‍රිකට් සමුළුව කාන්තා කණ්ඩායම්වල අවධානයට ලක්විය යුතු දක්ෂම ක්‍රීඩිකාවන් දස දෙනෙකු නම් කළ අතර, ඊට ලංකා ආරම්භක පිතිකාරිනිය චමරි අතපත්තුගේ නම ද සඳහන් විය.  ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ දී ලංකා කණ්ඩායම පාකිස්තානය පරාජය කිරීම අප ලත් විශේෂ ජයග්‍රහණයකි.  ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වැනි කණ්ඩායම් පරාජය කරන තත්ත්වයකට අප කාන්තා කණ්ඩායම පත් වුවහොත් තව වසර දෙක තුනකින් ඊට එහා ගොස් ලෝක කුසලානය පිළිබඳව සිහින මැවීමක් කළ හැකි වේ.  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අප සුභ පතමු.

– බන්දුල මොල්ලිගොඩ –

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The Cabinet of Ministers has green-lighted the proposal to hand over the management of Mattala Rajapaksa International Airport to a selected private sector company which has submitted Expressions Of Interest (EOI) for the purpose.

- adaderana.lk

A special meeting of the Members of Parliament representing the ruling party led by President Ranil Wickremesinghe has been held at the Presidential Secretariat last night (25).

- colombotelegraph.com

[…]The post The Ultimate Guide to Playing Live Roulette appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Devolution & The Coming Elections appeared first on Colombo Telegraph.

- onlanka.com

State revenue of Sri Lanka has reached an impressive Rs. 834 billion in the first quarter of this year, State Minister of Finance, Ranjith Siyambalapitiya announced on Thursday (April 25).The post Sri Lanka’s state revenue surges to record Rs. 834 Billion in first quarter 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk

Five individuals including Ven. Ulapane Sumangala Thero who were remanded over the charges of obstructing the duties of public officials, have been granted bail.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc