බංග්ලදේශය ඕවල් පිටියේ අමරණීයවේ

- srilankacricket.lk

Thanathillen Pita1

බංග්ලදේශය සිය ඓතිහාසික සියවන ටෙස්ට් තරගයේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී  ලංකාව පරදවා අමරණීය ජයග්‍රහණයක් අත්කරගත්තේ සියවන ටෙස්ට් තරගය ජයගත්ලොව සිව්වන කණ්ඩායම බවට වාර්තා පොතට එක්වෙමිනි.  ඔවුනට පෙර සියවන ටෙස්ට් තරගය ජයගෙන තිබුණේ ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා පාකිස්තානයයි.

Tamim Iqbal

ක්‍රිකට් ක්‍රීඩාව සිය ආගමට හා සමානව සලකන පසළොස් කෝටි හැට ලක්ෂයක ජනගහණයකින් යුත් (ලොව අටවන වැඩිම ජනගහණය හිමි රට) බංග්ලාදේශයේ ජනතාවට මේ ජයග්‍රහණය ලැබූ අවස්ථාව ක්‍රිකට් ලෝක කුසලානයක් දිනීම වැනි ප්‍රීතිදායක සිදුවීමක් වූ බව ඩකා නුවරින් වාර්තා විය.  මෙහි දී ටෙස්ට් ජයග්‍රහණයක් ලබන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පැවැති අතර එය වාර්තා කිරීමට විද්‍යුත් මුද්‍රිත වෙබ් හා ඡායාරූප මාධ්‍යවේදීන් හතළිස් පහක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ.  එය ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගය වාර්තා කළ මාධ්‍යවේදීන් සංඛ්‍යාව මෙන් දෙගුණයකි.  බංග්ලදේශ නායක මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩකා ගුවන් තොටුපලේදී ප්‍රකාශ කර සිටියේ මහේල, සංගා, මුරලි, ඩිල්ෂාන් නොමැති ශ්‍රී ලංකා පිල තමන් පරාජය කරන බවය.

කරුණු කෙසේ වෙතත් වනාතමුල්ල ඕවල් (පී. සරවනමුත්තු) ක්‍රීඩාංගණයට තවත් වතාවක් සාඩම්බර විය හැක්කේ තමන් නැවත වතාවක් වාර්තා පොතට ඇතුළු වූ බව සිහි ගන්වමිනි.  මෙවර සරා ක්‍රීඩාංගණය (ඕවල්) වාර්තා පොතට එක්වන්නේ බංග්ලදේශය සියවන ටෙස්ට් තරගය එහි ජයග්‍රහණය කිරීමත් ඔවුන් ප්‍රථමවරට ශ්‍රී ලංකාව පරාජය කිරීමත් යන කරුණු මතය.  මෙහි දී ප්‍රීතියට පත්වන සුවිශේෂි ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු ද සිටිති.   ඒ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරය.  හතුරුසිංහට වඩා සතුටු විය හැක්කේ තමාගේ ගම් ප්‍රදේශයේම මේ ජයග්‍රහණය හිමිවීමයි.   මෙය හතුරුසිංහගේ හා සමරවීරගේ රැකියාවයි.  මේ ටෙස්ට් ජයග්‍රහණය බංග්ලදේශය මෙතෙක් ලබා ඇති ටෙස්ට් ජයග්‍රහණ නවයෙන් හතුරුසිංහගේ පුහුණුවෙන් සහ මුෂ්ෆිකර් රහීම්ගේ නායකත්වයෙන් ලැබූ හයවන ජයග්‍රහණයයි.

මේ තරගයට පෙර  පැවැති ටෙස්ට් තරග 17න් ශ්‍රී ලංකාව 15ක්ම ජයගත් අතර ඉතිරි තරග දෙක ජය පැරදුමකින් තොරව නිමාවිය.  නියගය නිමා කරමින් ඉරිදා (19) ඕවල් ක්‍රීඩාංගණයේ දී ප්‍රථමවරට බංග්ලදේශය ශ්‍රී ලංකාව පැරදවීය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධීන් ගණනාවකට මේ ඓතිහාසික ඕවල් ක්‍රීඩාංගණය සම්බන්ධ වී තිබේ.   ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වූයේත් (1982) ශ්‍රී ලංකාව ප්‍රථම වරට ටෙස්ට් තරගයක් පරාජයවූයේත් (ප්‍රථම තරගයේ දී එංගලන්තය සමග) මේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ය.  ශ්‍රී ලංකාව ප්‍රථම වරට ටෙස්ට් ජයග්‍රහණයක් ලැබුවේත් මෙහිදීය.  එදා ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම පරාජය කළ අවස්ථාවේ ඉන්දීය නායක කපිල් දේව් කීවේ ශ්‍රී ලංකාව තම රටේදී ජයගත්තත් විදේශයක දී ජයගත නොහැකි බවය.  එය අසත්‍යක් බව සනාථ කරමින් ශ්‍රී ලංකාව පසුව එතෙර ජයග්‍රහණ රාශියක්ම ලබා තිබේ.

ඕවල් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් ක්‍රිකට් භෞතීස්ම (ප්‍රථම වරට ටෙස්ට් ක්‍රීඩා  කිරීම) ලැබූ විශාල ක්‍රීඩක පිරිසක් සිටිති.  එලෙසම බොහෝ අවස්ථාවන්හි මේ ක්‍රීඩාංගණයේ දී තරග ප්‍රතිඵලයන් ලැබී තිබේ.  2013 ශ්‍රී ලංකා – නවසීලන්තයේ විසඳුමක් නොලැබීමෙන් පසු පැවැති සියලු තරගවල විසඳුමක් ඇති විය.

ඕවල් ක්‍රීඩාංගණය ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක්ම දැයට බිහිකර දී තිබේ.  මහාදේවන් සතාසිවම් හා පී. සරවන්මුත්තු ඉන් පැරැණිම ක්‍රීඩකයන් දෙදෙනෙකි.  සතාසිවම් ලංකාව බිහිකළ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන අතර රැජිනගෙන් ගරු නම්බුනාම ලැබූ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ගාෆීල්ඩ් සෝබර්ස් පවසා ඇත්තේ මහාදේවන් වැනි පිතිකරුවකු ඔවුන් දැක නොමැති බවය.   එහෙත් ඔහු පිටියේ කළහකාරී ලෙස හැසිරෙන්නෙකු ලෙස ද ප්‍රකටය.  මහාදේවන් සතාසිවම් පිළිබඳ පුද්ගලික කතාවක් ලංකාව පුරාම එවකට ප්‍රකටව තිබිණි.  ඔහු තම බිරිඳ මරා දමා තිබූ බවට චෝදනාවක් එල්ල වූ අතර ඇයගේ ගෙළ අසළ වංගෙඩියක් ද සිරව තිබිණි.  ලංකා සමසමාජ පක්ෂ හිටපු නායකයෙකු හා අතිදක්ෂ නීතිවේදියෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කර අවසානයේ දී ඔප්පු කෙරුණේ වංගෙඩිය විසින් ඇය මරාදැමූ බවය.  “සතා” නිදහස් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (ඕවල්) බිහිකළ සරවනමුත්තු හා සතාසිවම් වැනි අග්‍ර ඝණයේ විශිෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඒ වකවානුවේ ම ශ්‍රී ලංකාවෙන් බිහිව තිබේ.  එෆ්. සී. ද සේරම්, සී. අයි. ගුණසේකර, වෛද්‍ය එච්. අයි. කේ. ප්‍රනාන්දු, ස්ටැන්ලි ජයසිංහ හා ගාමිණී ගුණසේන මෙරට පමණක් නොව එංගලන්ත (ප්‍රාන්ත) ක්‍රිකට් ක්‍රීඩාව ද ආලෝක කළ ක්‍රීඩකයෝය.  වාර්තා පිට වාර්තා තබා මෑතක දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් කුමාර් සංගක්කාර ද ක්‍රීඩාවෙන් විශ්‍රාම ලැබුවේ මේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ය.  සංගක්කාර ද්විත්ව ශතක 11 , ඩොන් බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක 12 වාර්තාව බිඳ හෙළීමට ඒ අසළටම (ලකුණු 190 පසුකර තෙවරක්ම) පැමිණියේය.   ගාල්ලේ දී සංගක්කාර ලකුණු 199ක් ලබා සිටිය දී ලකුණක් ගෙන ද්විත්ව ශතකය ලබා අවසන් පිතිකරු සමග එහා අතට මාරු වුවත් ලකුණු පුවරුව වරදක් මත එය 199 විය.  පසුව අවසන් පිතිකරු දැවී ගියේය.  ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ද ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය දක්වා නැව් මගින් ක්‍රිකට් තරගවලට යන අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණ ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර තිබේ.  එදා ඕවල් පිටිය වටා පැල්පත් පිරී තිබූ අතර අදත් එයින් අඩක් පමණම එහි ඇත.

ඕවල් ක්‍රීඩාංගණයේ ගිය සතියේ පැවැති බංග්ලදේශ 100 වන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 338ට පිළිතුරු ලෙස බංග්ලදේශය මුල් ඉනිමේ දී 467ක් ලැබීය.  ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී සිව්වන දිවා ආහාරය වන විට කඩුලු 1ක ට ලකුණු 137ක් ලබා පහසුවෙන් තරගය ජය පැරැදුමින් තොරව හෝ වැඩි වාසි අත්කර ගන්නා තත්ත්වයක සිටියේ ය.  එතැන් සිට තේපානය තෙක් ලකුණු 62ක ට කඩුලු පහක් දැවීමෙන් තරගයේ වාසිය බංග්ලදේශයට නැඹුරු විය.  ලංකා නවවන කඩුල්ලට සුරංග ලක්මාල් (42) හා දිල්රුවන් පෙරේරා (50) ලකුණු 80ක් රැස් කරමින් මේ තත්ත්වය නැවත වෙනස් කළත් දිල්රුවන්ගේ දුවද්දී දැවී යාමෙන් ලංකා ඉනිම 319ක ට සීමා විය.

ශ්‍රී ලංකාව මුල් ඉනිම 338යිදෙවන ඉනිම 319යිබංග්ලදේශය මුල් ඉනිම 467යිදෙවන ඉනිම කඩුලු 6191යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Maldivian, the national carrier of the Maldives, launched direct flights between Colombo and Malé as the inaugural flight touched down at the Bandaranaike International Airport (BIA) in Katunayake on Thursday (25).

- adaderana.lk

China and the US face a choice between stability and a Âdownward spiral, Chinese Foreign Minister Wang Yi told counterpart Antony Blinken on Friday in Beijing, as the American diplomat kicked off a day of meetings with top Chinese officials.

- adaderana.lk

A 14-hour water cut will be imposed for several areas in Colombo District on Saturday (27), the National Water Supply Drainage Board (NWSDB) says.

- adaderana.lk

The re-scrutinized results of the 2022(2023) G.C.E. O'L examination will be released before the 2023 (2024) O'L examination, Minister of Education Susil Premajayantha said.

- adaderana.lk

The Cabinet of Ministers has green-lighted the proposal to hand over the management of Mattala Rajapaksa International Airport to a selected private sector company which has submitted Expressions Of Interest (EOI) for the purpose.

- adaderana.lk

A special meeting of the Members of Parliament representing the ruling party led by President Ranil Wickremesinghe has been held at the Presidential Secretariat last night (25).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc