ශ්‍රී ලංකාව එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

- srilankacricket.lk

Thanathillen Pita1

එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ සෙනසුරාදා පැවැති අවසාන තුන්දින තරගයේ දී ශ්‍රී ලංකාව බංග්ලදේශය පරදා ලකුණු 70ක පහසු ජයක් අත්කර ගත්තේ පන්දු යැවීම පන්දු රැකීම හා පන්දුවට පහරදීම යන අංශ තුනෙන්ම බංග්ලදේශයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටිමිනි.  මේ ජයත් සමග ශ්‍රී ලංකාව ලත් තවත් ජයග්‍රහණ දෙකක් වූයේ වසර හයකට පසුව මේ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයක ජය ලැබීම හා එක්දින පරාජයන් හතකට පසු ශ්‍රී ලංකාව ජයක් ලැබීමය.

Nuwan Kulasekara celebrates

කණ්ඩායම් දෙක අතර කළින් පැවැති තරග දෙකෙන් 1 – 0කින් ඉදිරියෙන් සිටි බංග්ලදේශයට තරගාවලිය ජය ගැනීමට අවශ්‍ය වූ තෙවැනි තරගයේ ජය ලැබීම හෝ විසඳුමකින් තොරව තරගය කෙළවර වීම යන කරුණු දෙකම ඔවුන් අත්හදා බැලුවත් ඉන් ප්‍රයෝජන අත් නොවීය.  ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන අවස්ථාවේ පළමු ඕවර දහයට ලකුණු 76ක් ද (ඕවරයකට සාමාන්‍ය 7.6) ඉනිම මැද වන විට ඕවරයකට සාමාන්‍ය ලකුණු හයක් ද වශයෙන් ලබා ලකුණු 300 ඉලක්කය පහසුවෙන් පසු කිරීමට ප්‍රයන්තයක් ගන්නා බව දුටු බංග්ලදේශ නායක මොටාසා තම දෙවැනි තුරුම්පුව වූ ‘කල් මැරීම’ හෙවත් වේලාව ගත කිරීම ආරම්භ කළේ පළමු පැය දෙකේ දී පැයකට ඕවර 12ක් පමණ යවා පමා කිරීමෙන් ඊට දින තුනක් තිස්සේම සවස තුනවන විට ඇතිවන ඇඳිරි කාලගුණය හා වර්ෂාව මත තරගය නතර කෙරුණු විට තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාවෙනි.  දෙවැනි ක්‍රමය ද ඔහුට අහිමි ව ගියේ ශ්‍රී ලංකා වාසනාවකටය.  මෙදින වැනි පොදක්වත් නොමැතිව සම්පූර්ණ තරගයම පැවැතිණි.  බංග්ලදේශ නායකයාට දෙවැනි ක්‍රමය අනුගමනය කිරීමේ වරදට දඬුවමක් ලැබුණේ නියමිත වේලාවට ඕවර 50 යවා නොතිබූ හෙයින් ඔහුට ජගත් ක්‍රිකට් සමුළු තීරක තරගයක තහනමක් පැනවීමට අවවාදයක් දුන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ප්‍රථම පන්දු ඕවරයේ සිටම ඉදිරියෙන් සිටි අතර කිසිවිටෙක තමන් වෙත පිඩනය නැඹුරු කර නොගැනීමට වගබලා ගත්තේය.  ප්‍රථම එක්දින තරගයට ක්‍රීඩා නොකළ පන්දු යවන්නන් තිදෙනා නුවන් කුලසේකර (37 ට 4යි) දිල්රුවන් පෙරේරා (47ට 2යි) සහ සීක්කුගේ ප්‍රසන්න (33ට 2යි) කඩුලු අටක්ම දවාලීමෙන් තම පරිණතභාවය පෙන්නුම් කළහ.  මෙයින් පෙනී යන්නේ නවක තරුණ ක්‍රීඩකයන් රැසක් එකවර අත්හදා බලනවාට වඩා දෙදෙනෙකුට තුන්දෙනෙකුට අවස්ථාව එකවර ලබාදීම වඩා ප්‍රතිඵලදායක බවය.   පන්දු රැකීමේ දී අප එදා සෙනසුරාදා එස්. එස්. සී පිටියේ දී දුටුවේ පසුගිය වසර පුරා පන්දු රැකීමේහි නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම නොව ඊට බෙහෙවින් ඉදිරියෙන් හා උනන්දුවකින් ක්‍රීඩා කළ පිරිසකි.  මෙහි දී වඩාත් කැපී පෙණුනේ ධනුෂ්ක ගුණතිලකය.  ඔහු ලකුණු 30 – 40 ක් මෙදින ආරක්ෂා කර දුන්නේ පෙර කාලයේ රෝයි ඩයස් රොෂාන් මහානාම වැනි ක්‍රීඩකයන් පන්දු රකින විලාශය සිහිගන්වමිනි.  ආරම්භක පිතිකරු ලෙස ලකුණු 34ක් ලැබූ ධනුෂ්ක මේ පන්දු රැකීමත් සමග අර්ධ ශතකයක් ලබා සිටියේ නම් ඔහු තරගයේ වීරයා බවට පත් වීමට ද ඉඩ තිබිණි.  එහෙත් තරගයේ අවසාන ඕවර කිහිපයේ දී තිසර පෙරේරා පන්දු 40ක දී ලකුණු 52ක් ලැබූ අයුරු අප අමතක කළ යුතු නොවේ.

ශ්‍රී ලංකා – බංග්ලදේශ ටෙස්ට් හා එක්දින (ඕවර 50) තරගාවලියන් දෙකම දැන් නිමාවට පත්ව ඇත්තේ ජය පැරදුමින් තොරවය.  කණ්ඩායම් දෙක නැවත මුණ ගැසනුයේ තව වසර තුන හතරකිනි.  ඒ වන විට ඔහුනගේ වසර අටක පළපුරුදු ක්‍රීඩකයන් පස් හය දෙනෙකුවත් ශ්‍රී ලංකාවේ තිදෙනෙකු හෝ ක්‍රීඩාවට ආයුබෝවන් කියා නිම වනු ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර අත්හදාබැලීම් සිදු කරනවාටත් වඩා ක්‍රීඩකයන් 20 – 25ක සංචිතයක් දිගට පවත්වාගෙන යාම වඩා ප්‍රතිඵල ලබාදෙනු නිසැකය.

මේ අතර අප්‍රේල් 4 හා 6 දිනවල පැවැත්වීමට නියමිත 20 – 20 තරග දෙකට ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන බව ද වාර්තා විය.  මෙන්ඩිස් හා චන්දිමාල් ද ඉවත් කර ඇත.  කුසල් ජනිත් (යෝග්‍යතා මත) ලසිත් මාලිංග, කපුගෙදර, දිල්ෂාන් මුනවීර, ඉසුරු උදාන, දසුන් ශානක, සංජය බණ්ඩාර, ෂෙහාන් ජයසූරිය යන ක්‍රීඩකයන් අටක් අලුතින් 16ක සංචිතයට එක් වන අතර නිරෝෂන් දික්වැල්ල හා සචිත් පතිරණ ද ඉවත් කර ඇත.  කුසල් ජනිත් ක්‍රීඩා නොකළහොත් ඒ ස්ථානය සඳුන් වීරක්කොඩිට හිමි වේ.

පසුගිය සෙනසුරාදා කාසියේ වාසිය බැලීමේ දී උපුල් තරංග තරම් ඊට සුදුස්සෙක් නැති තරම්ය.  ඔහු දිගටම එය දිනාගත් අතර සෙනසුරාදා එය ඔහුට අහිමි වී තිබිය දී ත් අවශ්‍යව තිබූ මුලින්ම පන්දුවට පහර දීම බංග්ලදේශය විසින්ම ශ්‍රී ලංකාවට ලබාදෙන ලදී.

බංග්ලදේශය නායක මොටාසා සහ රහ්මාන් පළමු ඕවර හයේ දී ලකුණු 45ක් ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාව ඕවර 10ක් වන විට 76ක් ලබා අවශ්‍ය අඩිතාලම දමා ගත්තේය.   ධනුෂ්ක (ලකුණු 34) තරංග (ලකුණු 35) මුළු ලකුණු 87ක් වන විට දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස් (54) සහ දිනේෂ් චන්දිමාල් (21) තෙවන කඩුල්ලට ලකුණු 49ක් ලබා ලංකා ඉනිම ගොඩ නැගීමට ප්‍රයන්ත දරමින් සිටිය දී චන්දිමාල් අනවශ්‍ය දුවද්දී දැවීමකට ගොදුරු විණි.  මෙය නොසැළකිලිමත්කමින් ම සිදු වූයේ ඔහු පිතිකරු සීමාවට ගොස් පිත්ත හෝ පයක් එහි නොතිබීම මත තෙවන විනිසුරු දුන් තීන්දුවකිනි.  මෙන්ඩිස් හා චන්දිමාල් මැද පෙළ මන්දගාමී ස්වරූපයක් ගත් අතර ඔවුනට 20 – 20 අහිමි වීම ද මෙයට හේතුවක් ද? ශ්‍රී ලංකාව 45 වන ඕවරය වන විට කඩුලු 7ක ට ලකුණු 235ක් ලබා සිටිය දී  තිසර පෙරේරා සහ දිල්රුවන් පෙරේරා අටවන කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 45ක් රැස් කරමින් ලංකා ඉනිම නැවත ප්‍රබල තත්ත්වයකට පත් කළහ.

තිසර පෙරේරා ලකුණු 52ක් පන්දු 40ක දී ලැබුවේ හයේ පහරක් හතරේ පහර හතරක් සමගිනි.  වමත් පිතිකරුවන් රැසකින් සමන්විත බංග්ලදේශ පිතිහරඹය දවාලීමට ප්‍රථම තරගයේ පිට දඟ පන්දු යවන්නකු (ඕෆ් ස්පිනර්) නොමැති අඩු පාඩු දිල්රුවන් මෙදින හොඳින් පිරිමැසීය.

බංග්ලදේශය පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ප්‍රබල පිතිකරු ටමීම් ඉක්බාල් (04) හා ෂබීර් රහ්මාන් (00) මුළු ලකුණු 10 වන විට දවාලුවේය.  මුළු ලකුණු 11 දී ලක්මාල් ටෙස්ට් නායක මුෂ්ෆීකර් රහීම් (00) දවාලීමත් සමග ඇති වූ පීඩනයන් ගොඩ ඒමට බංග්ලදේශයට ඉන්පසු අවස්ථාව නොලැබිණි.   සෞම්‍ය සාකර් (38) ෂකිබ් අල්හසන් (54) හා මෙහෙදි හසන් (51) යම් උත්සහයක නිරත වූව ද එය සාර්ථක නොවූයේ බංග්ලදේශ කණ්ඩායම ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය වේගය බෙහෙවින් පහත තත්ත්වයක තිබීමෙනි.  තිසර පෙරේරා තරගයේ වීරයා ලෙසත් කුසල් මෙන්ඩිස් තරගාවලියේ විරයා ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තේරිණි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe on Friday (26).

- adaderana.lk

After many years of preparation, Venice has finally debuted its controversial five-euro entry toll for tourists without a hotel reservation this Thursday (25).

- adaderana.lk

The Committee on High Posts has green-lighted the appointment of a new ambassador, a ministerial secretary and two chairpersons to state institutions.

- colombogazette.com

Russian and Indian companies are to manage the Mattala international airport for a period of 30 years. The Sri Lankan Cabinet had granted approval at their meeting held on 09.01.2023 to call for aspirations from the parties interested in utilizing the facilities of the Mattala Rajapaksa International Airport. Accordingly, aspirations have been called and 05 institutions […]

- adaderana.lk

During the inquiry over former President Maithripala Sirisena s recent statement that he was aware of the real culprits behind the Easter Sunday bomb attacks, he has not mentioned the names of anyone in Sri Lanka, Public Security Minister Tiran Alles said.

- adaderana.lk

The Colombo Magistrate s Court ordered 04 including two Lieutenant Commanders of Sri Lanka Navy who were arrested along with a stock of drugs to be remanded in custody until May 09.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc